ලොව ලොකුම මැණික රටින් පනින්න පෙර ලොකු වැටක් බඳි

ලොව විශාලතම නිල් මැණික පිළිබඳව තොරතුරු හෙළි වීමත් සමග එය හොර රහසේ රටින් පිටකිරීම වැළැක්වීම සඳහා දැඩි අවධානයෙන් පසුවන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

බොහෝ අවස්ථාවල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නොදන්වා වටිනා මැණික් රටින් පිටකිරීම සිදු කරන බවත් මෙම විශේෂිත නිල් මැණික රටින් පිට නොවීමට අදාළ රේගු නිලධාරීන් දැනුවත් කර අති බවත් සදහන්.

එම මැණික ඉතා විරල නිල් මැණිකක් වන හෙයින් එහි හිමිකාරිත්වය ගෙන සිටින ශ්‍රී ලාංකිකයාගේ අනන්‍යතාව හෙළි නොකරන බවද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංග වෙලගෙදර මහතා පවසයි.

මේ ආකාරයෙන් වටිනා මැණික් රටින් පිටවීම දැනටමත් රටේ ජාතික ආර්ථිකයට මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයටද ගැටලුවක් වී තිබෙනවා. මේ නිල් මැණික රත්නපුරයේ පතලකින් හමුවී ඇති අතර මැණිකේ හිමිකරු එය 'ලන්කන් ස්ටාර් ඔෆ් ඇඩම් හෙවත් ශ්‍රී ලංකාවේ ආදම්ගේ තරුව' ලෙස නම් කර තිබෙනවා.  එම මැණික පරීක්‍ෂා කළ කොළඹ අධ්‍යයන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ එය ඉතාම විරල මැණිකක් බවයි. එම නිල් මාණික්‍යයේ බර කැරට් 1404 දශම 49 ක් එනම් ග්‍රෑම් 281ක් වන අතර එය ශ්‍රී ලංකා විනිමයෙන් රුපියල් කෝටි 4200 කට අධික බවද වාර්තා වෙනවා.

මෙම වටිනා නිල් මැණිකේ හිමිකරුවා වන මිස්ටර්. ආර් ( Mr. R) ලෙස අන්වර්ත නාමයෙන් හැඳින්වෙනු ලබන ඔහු, තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යාපාර කළ අයෙකු බවත් පැවසෙනවා. සිය ව්‍යාපාර හිතවතෙකුගේ සම්බන්ධතාවයක් මත මිස්ටර්. ආර් ට මෙම ලොව විශාලතම නිල් මාණික්‍ය යැයි සැලකෙන මැණිකට හිමිකම් කීමට හැකි වී තිබෙනවා. කෙසේවෙතත් මිස්ටර්. ආර්  ඉදිරියේදී සිය සියලු රාජකාරී අතහැර  මැණික් ව්‍යාපාර වෙත පිවිසීමේ අපේක්ෂාවෙන්ද පසු වෙනවා.

මේ අතර මෙම නිල් මාණික්‍ය මිල දී ගැනීමට කැමති අයෙක් වේ නම්  largestbigbluegem@gmail.com යන ඊ-මේල් ලිපිනයට පණිවුඩයක් තැබීම මගින් මැණික පිළිබඳ තොරතුරු දැනගත හැකි බවත් සඳහන්.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by