මහින්දගේ නම ඉවත් කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බව ඇමති ජෝන් කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට යුරෝපා සංගමය විරුද්ධ වන්නේ නම් අමෙරිකාව වැනි රටවල මරණ දඬුවම ක‍්‍රියාත්මක වීමට එරෙහිව ද ඔවුන් හඬ නැගිය යුතු බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

කොළඹ ඊයේ (25) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය
වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව විදෙස් රටවල් එල්ල කරන බලපෑම් නොතැකිය යුතු බවයි මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරීම අනවශ්‍ය ක‍්‍රියාවක් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

එහිදී "මොකද එහෙනම් බණ්ඩාරනායකගේ තියෙන ඒවත් ගලවන්න ඕනෙනේ. මොකක්ද ඒකේ වැරැද්ද. ඩඩ්ලි සේනානායකගේ ඒවා තියෙනවා...ඩී.එස් සේනානායකගේ ඒවා තියෙනවා..." යනුවෙන්ද සඳහන් කළා.


gossip lanka