මාස 5කට පසු තෙල් මිල ගැට්ටටම නගී!

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය ඊයේ  (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.

එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය වන අතර එහි වැඩිවීම 9%ක් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නොකඩවා දින දෙකක් තිස්සේ නිවසේ ගොරවමින් නිදා සිටි පුද්ගලයා අභිරහස් ලෙස මියගිය හැටි

මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු පැය 24කට වැඩි කාලයක් ගොරවමින් නිදා සිටීමෙන් පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ හිසේ අභ්‍යන්තරයේ සැලකිය යුතු පැළීම් දෙකක් තිබූ බව සොයාගෙන ඇත. 

ජපානයේ සවරා හී ලංකා ජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මෙවරත් උත්සවාකාරයෙන්!

ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා  ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

ථෙරවාදී සම්ප්‍රදායානුකූලව ජපානයේ 41 වන වරටත් පැවැත් වූ වෙසක් පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ සභාපති, ලංකාජී විහාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස  අභිනවයෙන් පත් වූ මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්‍යයන් මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික සහ ජපන් බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

බානගල උපතිස්ස නා හිමියන්ගේ  අනුශාසනා පරිදි සවරා ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියන්ගේ සංවිධායකත්වයෙන්  පැවැති මෙම වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී   උදෑසන කිරි ආහාර සහිත සම්බුද්ධ පූජාව  සහ දහවල් සම්බුද්ධ පූජාව සහ සවස චතුමධුර සහිත අටවිසි  ගිලන්පස බුද්ධ පූජාව  ලංකාජී විහාරවාසී ගලබඩ අස්සජි ස්වාමීන්  වහන්සේ  සිදු කළහ. එම අවස්ථාවට විහාරවාසී හේනේගෙදර ශීල භද්‍ර හිමිපාණෝ ද මොට්ටුනේ  අංගිරස හිමියෝ ද එක් වූහ.

පුණ්‍ය  උත්සවය මෙහෙයවීම ලංකාජී  විහාරවාසී යටවර පඤ්ඤාරාම හිමියෝ  සිදු කළහ. විහාරස්ථ දායක සභාව මෙදින විහාරවාසී සහ වැඩමවා වදාළ  මහ සංඝරත්නය උදෙසා උදෑසන සහ දහවල්  සපිරිකරගත සංඝ දක්ෂිණාවන් පැවැත්වීම සිදුකෙරින.  ඊට අමතරව ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික පවුල් සහ ආයතන සංවිධානය කර තිබූ ආහාරපාන,තේ පැන්  දන්සැල් විහාර පරිශ්‍රයේ දවස පුරා පැවැත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා  ප්‍රකාශ කළේ වසර හතලිහකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් ජපානයට පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසකට සිය ජීවිතය මං මුලා නොවී සාර්ථක කරගැනීමට එදා පටන්ම මග කියා දුන් බානගල නායක හාමුදුරුවෝ, මීට වසර විසි එකකට පෙර තමන්  ජපානයට පැමිණි අවස්ථාවේ ද නොමසුරුව තමන්ට කියා දුන් බවත්,බානගල නායක හාමුදුරුවන් වහන්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගූ ශක්තිමත් සබඳතාවේ පාලම අපි නිවැරදිව පාවිච්චි කළා නම් අද අපේ රට ආර්ථික හා සංස්කෘතික වශයෙන් මීට වඩා විශාල  තැනකට ඔසවා තැබීමට  හැකියාව තිබූ බවත් එම නිසා  ජපානය සහ ශ්‍රී ලංකාව අතර එම සබඳතාව වර්තමාන රජය යටතේ ඉහල තැනකට ගෙන  උන් වහන්සේගේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවය.

හෙරොයින් විශාල ප්‍රමාණයක් ළඟ තබාගත් ක්‍රිකට් ක්‍රීඩක මධුසංඛ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!

හෙරොයින් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ පන්නල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණට ඉදිරිපත් කරමින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඉල්ලාසිටි රැඳවුම් නියෝගයක් ජුනි 01 දක්වා ලබාදීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (26) නියම කළේය.

එලෙසින් රැඳවුම් නියෝග ලද මධුසංඛ මීට පෙර අවස්ථාවකදීද එසේ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටීම හේතුවෙන් එම අධිකරණය මගින්ම රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි බව පොලිසිය එහිදී මහේස්ත්‍රාත්වරයා දැන්වීය.

නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේදී පොලිසිය දුටු සැකකරු පුටු සැටියකට මුවා වී සිටි බවත් සැකකරුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී එම හෙරොයින් තොගය සොයාගත් බවටත් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය එහිදී කියා සිටියේය.

පොලිසිය ඉල්ලාසිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බැවින් එසේ රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටින බවයි.

මීට පෙර, හෙරොයින් ග්‍රෑම් 2ක් හා මිලිගෑම් 700ක් සන්තකයේ තබාගෙන සිටියදී මධුසංඛ පොලිසියට කොටුවී තිබිණි.

පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සන්තකයේ එවැනි මත්කුඩු තොගයක් ඇතැයි පන්නල පොලිසියට ලද පැමිණිල්ලක් මත පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේදී සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයාට අයත් මෝටර් රිය පරීක්‍ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ එම මත්කුඩු පන්නල දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් සොයාගෙන තිබුණා.

ශෙහාන් මදුෂංක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 2018 දී පැවති ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේදී, කඩුලු ත්‍රිත්වයක් ද ලබා ගනිමින් වාර්තා අතරට එක්වූ ක්‍රීඩකයෙකි.

අනතුරුදායක නෞකාව මුහුදේ ගිලෙයි.. ජනතාවට අනතුරු ඇඟවීමක්!

ලයිබිරියාවේ ධජය සහිත තෙල් සහ අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් අරාබි මුහුදේ ගිලී යාමේ සිද්ධියෙන් පසු ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එම නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මුදා ගත් අතර නෞකාවේ තිබු බහාලුම් 640ක් ගොඩබිම වෙත ගාසා ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකාවෙන් සහ එහි භාණ්ඩවලින් කාන්දු වූ තෙල්, ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ ආසන්නයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අනතුරක් විය හැකි බව ඉන්දීය බලධාරීන් සඳහන් කරයි.

එනිසා වෙරළ අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන ආ බහාලුම් හා තෙල් ස්පර්ශ නොකරන ලෙස ඉන්දීය බලධාරීන් උපදෙස් ලබාදී ඇත.

බාර් යුගේ අවසන් කරලා ස්කාගාර යුගේට ආවා…ඒක තමයි පුනරුදේ….! – නාමල්

වර්තමාන ආණ්ඩුවේ නායකයන් පසුගිය සමයේ ආණ්ඩු පගාවට බාර් දුන්නේ යැයි බැණ වැදුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බාර් දෙන යුගය අවසන් කර ස්කාගාරයක් ම ලබා දී ඇති බවයි.

කාලෙන් කාලෙට පොඩි පොඩි දේ ලබා දීම වෙනුවට එකවර අරක්කු පෙරණ බලපත්‍රයක්ම ලබා දී ඇති බවත් පුනරුදය යනු එය බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Breaking News : ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි!

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.

අනුදි ගුණසේකර ලෝක රූ රැජින කිරුළ අභියස!

72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි.

ජීවිත බේරගත් බස් රියදුරාට විරුවා කීවේ නෑනේ… අපි සොල්දාදුවට රණ විරුවා කියන්නෙත් නෑ…! – මාලිමා මන්ත්‍රී

සියලු දෙනා විරුවන් කර විකුණං කන දේශපාලන ව්‍යාපෘතිය කරන පිරිස කලබල වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසයි.

මිල වැඩියි.. අලෙවියක් නෑ... Aqua, Prius ආනයනය නවතා දමයි

බලාපොරොත්තු වූ තරම් වාහන ඉල්ලුමක් නොමැතිවීම මත මෝටර් රථ මාදිලි කිහිපයක් මෙරටට ආනයනය නවත්වා දමා ඇති බව වාර්තා වෙයි.

ඒ අතරින් ප්‍රධානතම මාදිලි වන්නේ ටොයොටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා රථය සහ ප්‍රියස් මෝටර් රථයයි.