තහනම් උත්තේජක ශරීරගතව ඇති බවට වාර්තාවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ කුසල් ජනිත් පෙරේරාගේ 'බී' සාම්පලය පරීක්ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත බව ඔප්පුවී ඇතැයි වාර්තා වනවා.
මේ බව නිල වශයෙන් සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියකු මේ දක්වා කටයුතු නොකළද ඊයේ ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් මේ බවසනාථ කෙරුණා.
තහනම් උත්තේජක පරික්ෂාව සඳහා ක්‍රීඩකයකුගේ මුත්‍රා ලබාගන්නා අවස්ථාවේදී නියදි දෙකක් ලබාගන්නා අතර එහිදී එක් නියදියක් පළමුව පරික්ෂාවට ලක්කරනු ලබනවා.
එහි තහනම් උත්තේජක ඇති බවට පෙනී ගියහොත් අදාළ ක්‍රීඩකයාට අවශ්‍යනම් ඉතිරි නියදි හෙවත් 'බී' සාම්පලය පරික්ෂාකිරීම සඳහා ඉල්ලීමක් කළ හැකියි.