මෛත්‍රීටත් උදව්වක් කරන්න මම සූදානම්..
මෛත්‍රීගේ කේන්දර බැලු සුමනදාස අබේගුණවර්ධන කියන කතාව
ඔබ මේ දිනවල මොකද කරන්නේ?
ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව ජනවාරි 9 වැනිදා සිට සුපුරුදු පරිදි මගේ සේවා කටයුතු නිදහසේ දේශපාලන බැඳීම්වලින් තොරව කරගෙන යනවා. ඒවායේ කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ. මම කලින් ජනාධිපතිගේ උපදේශකවරයාව සිටියදී ඒ පක්ෂයේ අය තමයි වැඩියෙන් මා ළඟට ආවේ.
ඒකට මගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. පක්ෂ භේදයකින් තොරව හැමෝටම සේවය කිරීම තමයි මගේ ජීවිතයේ සැදෑ කාලයේ අරමුණ වුණේ. මම දේශපාලන බැඳීම්වලින් තොර නිසා සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට මගේ සේවය සපයනවා.
ඔබ දැරූ රාජකීය දෛවඥ ධුරය ගැන ඔබට අද මොකද හිතෙන්නේ?
ඒක හරිම භාරධූර කටයුත්තක්. ඒක හරියට දැලිපිහියෙන් කිරි කනවාට වඩා භයානක දෙයක්. ඒත් මම නිවැරදිව ඒ වැඩ කටයුතු කළා. මම කවදාවත් ද්‍රෝහි නොවී මගේ වැඩ කටයුතු කළා. දැන් බලන්න කිසියම් හොරකමක් මංකොල්ලකෑමක් වුණාම පළමු සතියේදී හැමෝම සැක කරනවා. ඒත් ටික කාලයක් යන විට හොරා කවුද කියලා අඳුනාගන්නවා. එතකොට කවුරුවත් මොකක්වත් කියන්නේ නෑ. ඒ වගේ තමයි මම වැරදි දෙයක් කිව්වේ නෑ කියලා දැන් හැමෝම දන්නවා.
දැන් ඔබේ ජ්‍යොතිෂ කාර්යාලය තිඛෙන්නේ කොහේද?
සුපුරුදු පරිදි ගාල්ලේ මගේ කාර්යාලය පවත්වාගෙන යනවා. ඒ වගේම ගමන් පහසුව තකා කොළඹත් මම ජ්‍යොතිෂ වැඩ කටයුතු කරගෙන යනවා. මාස කිහිපයක් තිස්සේ සාමාන්‍ය ජනතාවට සේවය සපයනවා. මගේ ජ්‍යොතිෂ උපදේශවලින් තමන්ගේ ජීවිත සරු කරගත් ජනතාව ලංකාවේ මෙන්ම ලංකාවෙන් පිටතත් සිටිනවා. ලංකාවෙන් පිටත සිටින අයට සේවය සැපයීමේදී කොළඹ සිටින එක පහසුවක්.
ඔබගේ ගාල්ල කාර්යාලය තවම පවත්වාගෙන යනවාද? එහෙමත් නැත්නම් එය හෝටලයක් බවට පත් කරලාද?
මගේ ඥාති පුතෙක් එම ගොඩනැගිලලේ හෝටලයක් ඇරඹුවා. මම මොරවක් කෝරලයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්. ඒ වගේම ව්‍යාපාරවලට සම්බන්ධ අය. මම අවුරුදු 18 ඉඳලා ව්‍යාපාර කළා. ව්‍යාපාර කියන්නේ දේශපාලනඥයන්ගෙන් හම්බකරගත් දේවල් නමෛයි. මහින්ද මහත්තයාගෙන් හම්බකරගත් අය හිටියා. ඒත් මැතිවරණය අවසන්වන විටම ඔහු ළඟින් ගියා.
තවමත් ඔබේ සේවය ගැනීමට දේශපාලනඥයන් පැමිණෙනවාද?
ඔව්. තවම එනවා. දේශපාලනඥයන්ගේ කිසිම අඩුවක් නෑ. මගේ මිතුරු දේශපාලනඥයන් සුපුරුදු පරිදි මගේ සේවය ගැනීමට පැමිණෙනවා. විශේෂත්වය වන්නේ පක්ෂ විපක්ෂ හැමෝම මගෙන් උපදෙස් ගැනීමට පැමිණෙනවා.
ඔබ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කේන්දරය බලන්නේ නැද්ද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය මම 1996 වසරේදී බලලා තිඛෙනවා. එතුමාගේ හොඳම මිතුරෙක් සමග එතුමා පැමි‚යා. උතුරු මැද පළාතෙන් බිහිවූ මෛත්‍රීපාල සේනානායක සිරිමාවෝ මැතිනියගේ රජයේ එකළොස් වතාවක් අගමැති ධුරයේ වැඩ බැලූවා. ඒත් ඔබතුමා වැඩ බලන්නේ නෑ, කවදා හෝ රාජ්‍ය නායකයා වෙනවා කියලා කිව්වා. ඉන් පසුව කේන්දර බැලීමක් නොකළත් මැතිවරණ අවස්ථාවලදී එතුමා හොඳ වෙලාවක් බලලා ඉල්ලූවාම මම වෙලාවන් හදලා දෙනවා. දැන් ජ්‍යොතිෂවේදීන් මොනවා කිව්වත් එතුමා මේ රටේ රාජ්‍ය නායකයා වෙනවා කියලා මුලින්ම කිව්වේ මමයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ පසුව ඔහු ඔඛෙන් කේන්දරය බලවාගෙන නැද්ද?
ඡන්දෙන් පස්සේ නම් කේන්දර බැලූවේ නෑ.
ඉස්සර ගාල්ලේ දේශපාලනඥයන් හැමෝම නැකැත් බලවාගත්තේ ඔබගෙන්. තවමත් ඒ අය ඇවිත් වෙලාව බලාගන්නවාද?
අගෝස්තු 17 වැනිදා පැවැති මැතිවරණයේදීත් ඒ අය මා සමග සිටියා. ඔවුන්ට අවශ්‍ය සියලූම නැකැත් වැඩ කරලා දුන්නා. ඒත් මහින්ද මහත්තයා එක්ක ගියපු පෙරමුණට මම එකතුවුණේ නෑ. ඒ පෙරමුණ පරාද වන බව මම දැන සිටියා.
ජනාධිපතිවරයාගේ කේන්දරය සම්බන්ධයෙන් ඇතැම් ජ්‍යොතිෂවේදීන් නොයෙක් දේ පවසනවා. ඒක ඇත්තද?
බරක් ඔබාමා ජනාධිපති ධුරයට පත්වන බව මම පැවසුවා. භාරතීය ජනතා පක්ෂයෙන් තරග කළ අතල් බිහාර් වජ්පායි අගමැති වෙන බව පැවසුවා. ඒවා ඇත්ත වුණා. යුද්ධය අවසන් කළ දේශපාලන නායකයා වූ මහින්ද රාජපක්ෂ පරාජය කරමින් ඔහු මේ රටේ නායකයා බවට පත්වුණේ පක්ෂ නායකයෙක් හෝ විපක්ෂ නායකයෙක් නොවී.
පරාජය කළ නොහැකි බව පැවසූ මහින්ද රාජපක්ෂ පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාව ලැබුණේ ඔහු සතු ප්‍රබල ග්‍රහ යෝගය නිසයි. පෙර පින් බලයෙන් රාජ්‍ය නායකයා වූයේ ඩී.බි. විෙජ්තුංග යැයි බොහෝ දෙනා පැවසුවා. ඒත් ඔහුට වඩා වැඩි පෙර පින් බලයක් වත්මන් ජනාධිපතිතුමාට තිඛෙනවා. ජනාධිපති ධුරය සමග පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වයත් හිමිවීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. කෝටියක් දෝෂ භංගකරන ග්‍රහ යෝගයක් ඔහුට තිඛෙනවා.
ඒත් ආණ්ඩුවට විරුද්ධව නොයෙන් විවේචන එල්ලවෙනවා. එවැනි ග්‍රහ යෝග තිඛෙනවානම් මේ වගේ විරෝධයක් එල්ලවෙන්නේ කොහොමද?
කරදර බාධා එන්නේ සෙනසුරු වෘශ්චික රාශියේ ගමන් කරන නිසා. ඒ බාධක ජයගෙන ඔහු ඉදිරියට යනවා. මීට කලින් 1985 මේ වගේ තත්ත්වයක් ඇතිවුණා. ඒ වෙලාවෙත් සෙනසුරු වෘශ්චික රාශියේ ගමන් කරන විට රට තුළ අවුල් වියවුල් ඇතිවෙනවා. මේක 2017 ජනවාරි 27 වැනිදා දක්වා තිඛෙනවා. ජනතාව අවුස්සන්නේ නැතිව ඉන්න පාලකයන්ද දැනගත යුතුයි. රටේ ජනතාවත් මේක අවුල් සහගත වෙලාවක් බව දැනගත යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවුරුදු පහක පාලන කාලය ඉදිරියට යනවා. ඒක වෙනස්වන්නේ නෑ.
මහින්ද රාජපක්ෂ ඔබට මුලින්ම හමුවන්නේ කොහොමද?
මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවුණේ මැතිවරණ අවස්ථාවකදීයි. 1982 මුල්කිරිගල අතුරු මැතිවරණයේදී ඔහුට දේශපාලනය කිරීමට වාහන දෙකකුත් අරගෙන තමයි ඔහු හමුවෙන්න ගියේ. 37 ශ්‍රී 9027 ඩෙලිකා වෑන් එක හා 11 ශ්‍රී 8056 කාර් එක තමයි අරගෙන ගියේ. එතුමා හමුවීමට සම්බන්ධීකරණය කළේ මගේ ඥාතියෙක් වන අජන්ත හාමු සමග ගිහින්. මගේ පැමිŒම මහින්ද මහත්තයා බොහෝ ඉහළින් පිළිගත්තා. එදා ඇතිවූ සම්බන්ධය හොඳින් පැවතුණා.
ජනාධිපතිවරණයෙන් පසුව ඔහු සමග ඔබේ තිඛෙන සම්බන්ධතාව කෙසේද?
හොඳින් තිඛෙනවා.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වන බව ඔබ දැන සිටියාද?
මම ඒ බව දැන සිටියා. මම නැකැත් හදන විට රජගෙදර උපදෙස් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණයට දින නියම කළේ නොවැම්බර් මාසයේ 20 වැනිදා. එදාත් මම ඇහුවේ විපක්ෂයේ අපේක්ෂකයා
ලෙස ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි කියලයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරගයට එනවාද කියලා ඇහුවාම ඔහු ජනාධිපතිවරණයට තරග නොකරන බව තමයි රජ ගෙදර අය කිව්වේ. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය හෝ සෝභිත හිමියන් තරග කළ හැකි බව තමයි මට දැනුම් දුන්නේ. ඒ අනුව තමයි අපි කටයුතු කළේ.
ඒ බව ඔබ කාටවත් කිව්වේ නැද්ද?
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වූ විට මම තිගැස්මකට ලක්වුණා. ජ්‍යොතිෂ උපදේශක තිගැස්සුණා කියන ප්‍රචාරය ගියානම් එයම පරාජයට ඇති. මම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට, ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ජයගන්නා බවයි. එහෙත් ඔහු සමග තරග කිරීමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වන බව දන්නවානම් මම ඒ බව පවසන්නේ නෑ.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය අවසන් සතිය වන විට මහින්ද මහතා පරාජය වන බව මම තහවුරු කරගත්තා. ඒ වෙලාවේ ඒ බව පවසා ලෝකයේ ලොකුම ජ්‍යොතිෂවේදියා වන්න තිබුණා. මගේ ජීවිත කාලයෙන් බාගයක්ම මහින්ද මහත්තයා ඇසුරු කළා.
ඒ වගේ අයෙකුට අන්තිම සතියේදී ද්‍රෝහි වෙන්න බෑ. මම ලෝකයේ ලොකුම ජ්‍යොතිෂවේදියා වනවාට වඩා අහිංසක විදියට ඔහු සමග ඉන්න එක වැදගත්. දොස්තර කෙනෙක් සුව කළ නොහැකි ලෙඩෙක් තමන් ළඟට ආවාම සුව කරන්න බෑ කියලා ඔහුට කියන්නේ නෑ. ඒ වගේම තමයි කිසියම් අයෙක්ට අපල තිඛෙනවානම් අ~ඛෙර ගහලා ඒ බව කියන්නේ නෑ. ළඟම අයෙක්ට ඒ බව කියනවා. මමත් ඒ ප‚වුඩය ලබාදුන්නා.
පසුගිය ජනාධිපතිවරණය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පක්ෂ මාරු කළේ ඔබේ මැදිහත්වීම නිසාද?
මම ඒවාට සම්බන්ධ වුණේ නෑ. ඔහු සෞඛ්‍ය ඇමැති ධුරයේ දිවුරුම්දුන් අවස්ථාවේදී සහභාගි වන්නැයි මට ආරාධනා කර තිබුණා. මම ඒ අවස්ථාවට ගියත් තේ බොන්නේවත් නැතිව ආවා.
පසුගිය කාලයේදී අයවැය ලේඛන සකස් කරන විටත් ඔබ නැකැත් හැදුවාද?
ඔව්. මම අයවැය ලේඛන නමයක් ඉදිරිපත් කිරීමට නැකැත් හදලා තිඛෙනවා. 2007 වසරේදී ඉදිරිපත් කළ අයවැය ලේඛනය තමයි මේ රටේ ඉදිරිපත්වූ ආන්දෝලනාත්මකම අයවැය ලේඛනය වූයේ. 2007 නොවැම්බර් 7 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමට තීරණය කරගත්තා. සාමාන්‍යයෙන් දිවා ආහාරයෙන් පසුව අය වැය ලේඛනය ඉදිරිපත් කිරීම ලෝක සම්ප්රදායයි.
නමුත් එදා එම අයවැය ලේඛනය ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හතළිහක් විතර හිටියා. ඒ අයවැය ලේඛනය සවස් වරුවේ කියවූවානම් අපි අයවැය පරාජයට පත්වෙනවා. එම අයවැය දෙවැනි වර කියවීමේදී පරාජයට පත්වුවත් තුන්වැනි කියවීමේදී සම්මත වුණා. එම අයවැය ලේඛනය පරාජයට පත්වූවානම් මේ රටේ යුද්ධය පරාජයට පත්වෙනවා. යුද්ධය තවම තිඛෙනවා. කෙසේ වෙතත් එම අයවැය ලේඛනය සම්මත වුණේ ජනාධිපතිවරයා රටේ නැති තත්ත්වයක් තුළදීයි.
අයවැය ලේඛනය සම්මත වූ දවසේ උදේ අනුර බණ්ඩාරනායක මහත්තයා මට දුරකථන ඇමැතුමක් දීලා අයවැය පරාජය කරනවා කියලා කිව්වා. ඒත් සර්ට අයවැය පරදන්න බෑ කියලා මම කිව්වා. තාත්තයි, අම්මයි, අක්කයි රාජ්‍ය නායකයා බවට පත්වූ එකම පුද්ගලයා වන්නේ සර්. සර්ට විශාල ප්‍රතිරූපයක් තිඛෙනවා ඒත් අයවැය පරදන්න බෑ කියලා මම කිව්වා. මම කිව්ව විදියටම අය වැය සම්මත වුණා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ අයගේ කේන්දර ඔබ බලා තිඛෙනවාද?
ඔව්. ශිරන්ති මැඩම්, බැසිල් මහත්තයා, නාමල් බේබි, යෝෂිත බේබි, ඔය හැමෝගෙම කේන්දර බැලූවේ මම. පවුලේ හැමෝගේම වැඩ බැලූවා.
යසාරා අබේනායක පසුගිය සතියේ පුවත්පතකට කියා තිබුණේ කේන්දර ගැටලූවක් නිසා යෝෂිතගෙන් වෙන්වූ බවයි. ඇත්තටම ඔවුන්ගේ කේන්දරවල ගැටලූවක් තිබුණාද?
එහෙම ගැටලූවක් තිබුණා. ඒ දෙන්නාගේ කේන්දර ගැළපුණේ නෑ.
කේන්දර ගැළපෙන්නේ නැති බව කිව්වේ කාටද?
ශිරන්ති මැතිනියට ඒ බව මම දැනුම් දුන්නා.
ඒ විවාහය සිදුවූවානම් මොනවා වෙයිද?
කේන්දර ගැළපෙන්නේ නැතිව විවාහ කිරීම සුසුදු නෑ. මේ රටේ තියෙන හොඳම කේන්දර ගැළපීම තියෙන්නේ මහින්ද මහත්තයායි ශිරන්ති නෝනයි අතරේ. ඒ බව පැහැදිලියි. පවුල විවාහයක් තීරණය කිරීමේදී ජ්‍යොතිෂානුකූලව ගැළපෙනවාද කියන එක අපි බලනවා. මේ නොගැළපීම් දැක්කාම ඒ බව වැඩිහිටියන්ට දැනුම්දීම මගේ වගකීමයි.
යෝෂිත බේබිට මම කිව්වේ 2017 ජනවාරි 27 වැනිදායින් පසුව විවාහ වෙන්න කියලයි. ඔබතුමාගේ අම්මයි තාත්තයි රටේම ජනතාවට ආදර්ශයක් වෙන පවුල් ජීවිතයක් ගත කරනවා, ඒ වගේම ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කිරීමට 2017න් පසුව විවාහ වෙන්න කියලයි කිව්වේ.
දැන් රාජපක්ෂ පවුලට විරුද්ධව හැමදාම නොයෙක් ප්‍රශ්න තිඛෙනවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවලට යන්න සිදුවෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න වෙනවා. මේ වගේ ගැටලූවලට මුහුණපෑමට සිදුවන බව එම කේන්දරවල තිබුණාද?
යුද්ධය අවසන් කරන වෙලාවේත් මහින්ද මහත්තායගේ ඒරාෂ්ටක අපලයක් තිබුණා. නොවැම්බර් දෙවැනිදායින් පසුවත් එවැනිම අපල කාලයක් තිබුණා.
මහින්ද රාජපක්ෂට ඉදිරියේදී කුමක් සිදුවේවිද?
මහින්ද මහත්තයා ගැන කතා කරනකොට මතක් වෙන්නේ ව්ලැදිමීර් පුටින්. මහින්ද මහත්තයා ලංකාවේ ව්ලැදිමීර් පුටින් විය හැකියි. ක්‍රිස්තු පූර්ව 161 සිට ක්‍රිස්තු පූර්ව 137 දක්වා රට පාලනය කළ දුටුගැමුණු රජ්ජුරුවන්ට ජනතාවගේ තිඛෙන ගෞරවය මහින්ද මහත්තයාට තියෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රාජකීය දෛවඥයා වීමට ඔබට බලාපොරොත්තුවක් තිඛෙනවාද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග මට දීර්ඝ කාලීන සම්බන්ධයක් තිඛෙනවා. එතුමා කිව්වොත් ඕනම උදව්වක් කරන්න මම සූදානම්. මහින්ද මහත්තයාවත් ඉල්ලා නැති සමහර කරුණු එතුමාගෙන් ඉල්ලා තිඛෙනවා. මම ජීවිතේට නොකළ උදව් ඔහු වෙනුවෙන් කර තිඛෙනවා.
ලබන අවුරුද්දේදී ජ්‍යොතිෂය අනුව රටට කුමක් සිදුවේදැයි කියන්න පුළුවන්ද?
මීට කලින් සෙනසුරු ග්‍රහයා 1985 සැප්තැම්බර් 16 වෘශ්චික රාශියට ගිහින් 1987 සැප්තැම්බර් 17 වැනිදා දක්වා සිටියා. මේ කාලයේදී තමයි පාර්ලිමේන්තු බෝම්බය පිපුරුණේ. ඒත් බෝම්බ පිපිරීම් සිදු නොවන බව පැහැදිලිව කියන්න පුළුවන්. ඒත් පාර්ලිමේන්තුව ඇතුළේ දැඩි වාග් ප්‍රහාර එල්ලවිය හැකියි.
රට තුළ නොයෙක් උද්ඝෝෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම පසුගිය වර්ෂය පුරාම වර්ෂාවෙන් පීඩා විඳි ආකාරයට මේ වසරේ නියඟයෙන් පීඩා විඳින්න පුළුවන්. ඒත් ඒවා මැඩ පැවැත්වීමට හැකියාව ලැඛෙනවා.
නව අවුරුදු උදාවත් සමග රවි ග්‍රහයාගෙන් කෝටියක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුමක් යෙදී තිඛෙනවා. ඒ වගේම දස වැන්න හා නමවැන්න අධිපති සිකුරු හා කුජගෙන් ධර්ම කර්මාධිපති රාජ ගෝගයක් යෙදී තිඛෙනවා. හත්වැන්න අධිපති රවිගෙන් හා එකළොස්වැන්න අධිපති ගුරුගෙන් හොඳ පරිවර්තන යෝගයක් යෙදී තිඛෙනවා. මේ බලගතු යෝග නිසා බරපතළ පීඩාවන් වන්නෙ නෑ.
සංජය නල්ලපෙරුම
මෛත්‍රී රාජ්‍ය නායකයා වෙනවා කියලා මුලින්ම කිව්වේ මමයි
2015-12-27T13:09:00+05:30
Hot News
Sinhala News|