ශ‍්‍රීලනිපයේ සිටිනවාද.. නව පක්‍ෂයක් හදනවාද.. මහින්ද නිල ලෙස කිව යුතුයි

හිටපු ජනාධිපති මහිනද් රාජපක්‍ෂ මහතා තව දුරටත් ශ‍්‍රීලනිප අනුශාසක ලෙස සිටින්නේද නැතහොත් නව පක්‍ෂයක්‌ බිහි කරන්නේ දැයි නිල ප්‍රකාශයක්‌ කළ යුතු බව ශ‍්‍රිලනිප මහලේකම් ඇමතිය දුමින්ද දිසානායක මහතා පවසයි.
කෙසේ වෙතත් ශ්‍රීලනිපය හැරදා ගොස් නව පක්‍ෂයක් ආරම්භ කරන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට සාධාරණ හේතු නැතැයිද පවසන මහ ලේකම්වරයා ඔහුට පක්‍ෂයෙන් කිසිදු අසාධාරණයක්‌ සිදු වී නැති බවත් සඳහන් කරයි.

නව දේශපාලන පක්‍ෂයක්‌ ආරම්භ කරන්නේ යයි හිටපු ජනාධිපතිවරයා මෙතෙක් පක්‍ෂයට නිල දැනුම් දීමක්‌ කර නැතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka