තනපට ගලවා විසි කළ 'Sex and Love ප්‍රසංගයේ' ඇතුළත වෙච්ච දේ

ලතින් ඇමරිකාව තුළ සිටින වඩාත්ම ජනප්‍රිය ගායකයා වන Enrique Iglesias පසුගිය ඉරිදා (20 ) කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ් . සී. ක්‍රීඩාංගණයේ දී පැයක කාලයක්‌  පැවැත්වූ Sex and Love සංගීත ප්‍රසංගය මේ වන විටත් බොහෝදෙනාගේ කතා බහට ලක් වනවා.
මෑත භාගයේදී වැඩිම මිලට ප්‍රවේශ පත්‍ර අලෙවි වූ ප්‍රසංගය මෙයයි.
ප්‍රසංගයේ අවසාන භාගයේදී ආරක්‍ෂක බැමි කඩාගෙන වේදිකාවේ පිටුපසින් වේදිකාවට පැමිණි තරුණියක්‌ ඔහු බදා ගත් අතර  තවත් තරුණියක්‌ සිය තනපට ගලවා ඔහු වෙත විසි කරනු ලැබුවා.


සාමාන්‍යයෙන් මෙය ඔහුගේ සෑම ප්‍රසංගයකදීම සිදුවන බව ප්‍රසිද්ධ කරුණක්.
මෙම  ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර රුපියල් 35,000, 30,000, 20,000, 10,000, 5000 ලෙස මිල නියම කර තිබුණා.
රුපියල් 35000ක  ප්‍රවේශ පතක්  මිලට ගන්නා අයට ප්‍රසංගය පවතින මුළු කාලය පුරාම මත්පැන් නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබූ බවයි පැවසෙන්නේ.

ඔවුන් VIP ප්‍රවේශපත්‍ර ලාභීන් ලෙස නම් කර තිබූ අතර වේදිකාව ඉදිරිපස කොටසට වී ප්‍රසංගය නැරඹීමේ අවකාශය ඔවුන්ට සැලසුණා.
රුපියල් 30000 ප්‍රවේශපත්‍ර හිමියන්ට ද නොමිලේ  ඇති තරම් බියර් දෙනු ලැබූ අතර  ආහාර සහ මත්පැන් විකුණන වෙළෙඳසල් කිහිපයක්‌ම ක්‍රීඩාංගණය තුළ ඉදිකර තිබුණා.
සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණය තුළ 5500කට  පමණ සිටිය හැකිඅතර වෙනත් ආරංචි මාර්ගවලට අනුව 7000ක් පමණ මේ ප්‍රසංගයට පැමිණ තිබෙනවා.

nethfm
gossip lanka