පුංචි ඡන්දයේදී මහින්ද ස්වාධීනයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා එජනිස හවුල්කාර පක්‍ෂ එකතුව අලුත් පක්‍ෂයක්‌ පිහිටු වන නමුත් ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ නොවන බව එහි ප්‍රබලයෙක් අනාවරණය කළේය.

ඒ අනුව, මෙම මැතිවරණයේදී හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ස්වාධීනව කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් උපදෙස් දී ඇත.
ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ වීම වැළැක්වීමත් ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන්ට කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව තම ඡන්දය භාවිතා කිරීමටත් ඉඩ සැලසීමේ අරමුණම රාජපක්ෂ මහතා ස්වාධීනව සිටීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් ම උතුරු නැඟෙනහිර තෝරාගත් පළාත් පාලන ආයතන කීපයක් හැර රටේ සෙසු පළාත්වල ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා වෙන වෙනම අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ.

ගම්බද මහින්ද හිතවාදී ඡන්ද ලබා ගැනීමට හා ප්‍රාදේශීය මට්‌ටමේදී මහින්ද හිතවාදී මහජන නියෝජිතයින් පිරිසක්‌ බිහි කර ගැනීම මෙම නව පක්‍ෂය බිහි කිරීමේ අරමුණ වී තිබෙන බවද ඉහත ප්‍රකාශකයා පැවසීය.

එවැන්නක්‌ සිදු නොවුන හොත් මහින්ද හිතවාදීන් ජන්ද ප්‍රකාශ කිරීමෙන් වළකිනු ඇතැයිද එමගින් එජාපය ජයග්‍රහණය කිරීම වැළැක්‌විය නොහැකි බවද ඔහු වැඩි දුරටත් කීය.
gossip lanka