පීකොක්‌ මන්දිරයේ වැලි යට රත්තරන්?

තමාට අයත් රාජගිරියේ පීකොක්‌ මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර ඉවත් කර වැලි පුරවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රත්තරන් සහ මුදල් සඟවා ඇතැයි පැතිරෙන කතාව පිළිබඳව සොයා බැලීමට කම්කරු පක්‍ෂයේ නායක ව්‍යාපාරික ඒ. එස්‌. පී. ලියනගේ මහතා තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රචාරය පිළිබඳව ඒ. එස්‌. පී. ලියනගේ මහතාගෙන් විමසූ මොහොතේ ඒ මහතා කීවේ මෙම කතාව සෑහෙන කලක්‌ තිස්‌සේ ප්‍රචාරය වන නිසා එහි සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පොලිස්‌පතිවරයාට අද හෙටම පැමිණිලි කරන බවයි.
ඒ අනුව මෙම වැලි, පොලිසිය මගින් පරීක්‍ෂණයට ලක්‌කළ හැකි බව ද ලියනගේ මහතා සඳහන් කළා.
gossip lanka