වසර 2014 මැයි 1 වැනිදා නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක තහඩු නොමැතිව අධික වේගයෙන් පැමිණ ත්‍රිරෝද රථයක් සමඟ ගැටී එහි සිටි තරුණයකුට තුවාල සිදු කළ මෝටර් රථයේ හිමිකරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු බව හෙළිව තිබේ.
මෙසේ අනතුරට ලක්ව තිබුණේ ෆෝර්ඩ් මස්ටැන්ක් වර්ගයේ කාර් රථයක් වන අතර එම පුවත එකල මාධ්‍යට වාරණය කර තිබූ බවද පැවසේ.
මෙම අනතුර සිදුවූ වහාම එම ස්ථානයට විශේෂ කාර්ය බලකායේ බටපිරිස් පැමිණ කඩිමුඩියේ එම කාර් රථය එතනින් ඉවත් කොට රැගෙන යාමට ක්‍රියා කර තිබිණි.
අනතුරට පත්වූ ත්‍රී රෝද රථයේ තරුණයාව රෝහල් ගත කිරීමට ප්‍රථම වාහනය රැගෙන ගොස් තිබූ බවද එකළ සමාජ වෙබ් අඩවි වාර්තා කර තිබිණි.
පසුව හෙළි වූයේ කිසිදු පොලිස් ස්ථානයකට රැගෙන නොගොස් එම රථය ගෙන ගොස් ඇත්තේ කඩුවෙල වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට බවයි.
මේ මොටර් රථය පොලිස් අත්අඩංගුවට පත් නොවූයේ කිනම් හේතුවකට ද යන්න සොයා ගැනීම එදා සිදු කිරීමට නොහැකි වූ අතර කෙසේවුවද පසුව අවස්ථා ගණනාවකදීම මෙම කාර් රථය ගාලු මෝදර පාර වසා රාජපක්ෂ දරුවන් රාත්‍රිකාලයේ පදවන අයුරු බොහෝ දෙනා දැක තිබිණි.
එමෙන්ම CSN නාලිකාව සංවිධානය කරන ලද රාත්‍රී මෝටර් රථ තරග (නයිට් රේස්) වලට රාජපක්ෂ දරුවන් මේ මෝටර් රථයෙන් පැමිණි ද වූ බව පැවසේ.
දැන් මෝටර් රථය කඩුවෙල හංගලා !
මේ මෝටර් රථය සූක්ෂම ලෙස කඩුවෙල ප්‍රදේශයේ මොටර් රථ අංගනයක සඟවා ඇති බවද මේ වන විට හෙළිව තිබේ.
රාජපක්ෂවරුන් තමන්ට හිමි වාහන ඉතා සූක්ෂම ලෙස ලියාපදිංචි නොකර විවිධ පුද්ගලයන් බාරේ තබා ඒවා පරිහරණය කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.
මේවන විට එම මෝටර් රථයේ භාරකරු ලෙස සිටින්නේ ඇමරිකාවෙන් වාහන මෙරටට ගෙන්වා අලුත් වැඩියකොට වෙළදපොලට නිකුත්කරන සමාගමක් බවද පැවසේ.
අදාල හිමිකරු ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර ඔහුට තම ව්යායපර නිදහසේ කරගෙන යාමට මෙම කාර් රථය රාජපක්ෂවරුන්ට දී තිළිණයක් ලෙස දුන් එකක් බවද වාර්තා වේ.
එම ව්‍යාපාරිකයා රාජපක්ෂ පවුලට හමර් H2 වර්ගයේ ජීප් රථයක් ද ලබාදී ඇති බවට රාවයක් ඇත.
නොමිලේම ලබාගත් මෙම හමර් රථය පසු කලෙක ලක්ෂ 450 රාජපක්ෂ පවුලට කිට්ටු වෛද්‍යවරයකුට අලෙවි කොට ඇති බවට ද රාවයක් තිබේ.
බෝකුන්දර වාහනෙත් රාජපක්ෂ පුතාලගෙයි !
මෙම සිදුවීම යළිත් වතාවක් නව රජය බලයට පත්වීමේන් අනතුරුව මතු වූයේ බෝකුන්දර ප්‍රදේශයේ අංක තහඩු වෙනස්කරන ලද නිසාන් ජි ට් ර් GTR කාර් රථයක් සොයාගැනීමත් සමගය.
එම කාර් රථයද රාජපක්ෂ දරුවන් මෝටර් රථ තරග සදහා යොදාගත් මෝටර් රථයක් ලෙස හඳුනාගෙන ඇති බව පැවසේ.
ජනපති පුතාගේ කාර් කෙළි හෙළිවෙයි
2016-01-19T14:10:00+05:30
Hot News
Sinhala News|