ඒකාබද්ධ පෙරමුණ බැසිල් හා ගෝඨාව ප්‍රතික්ෂේප කරයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ කීපයක්‌ එක්‌වී ඒකාබද්ධ පෙරමුණක්‌ සෑදීමට මේවන විට කටයුතු කරමින් සිටින නමුත්, එහි කිසිඳු ප්‍රධාන නිලයකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්කර නොගැනීමට තීරණය කර තිබේ.

මෙම නව පෙරමුණ සම්බන්ධයෙන් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කල විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එබව සඳහන් කර ඇත.
ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානින් ඉල්ලන්නේ තමන් පමණක් බව සඳහන් කර ඇති මහින්ද රාජපක්ෂ මහතා, මේ අවස්ථාවේ ප්‍රසිද්ධ දේශපාලනයට එක්නොවන බව බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්මයින් තමන්ට දැනුම්දී ඇතැයි ද පවසා තිබේ.

කෙසේවුවද වාර්තා වන පරිදි බැසිල් රාජපක්ෂ මහතා තම සංවිධානයට එක්කර නොගැනීමට දැඩි ස්ථාවරයක සිටින එකාබද්ධ විපක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකු හා 'වියතුන්ගේ හඬ' සංවිධානයේ පිරිසක් පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කර ඇත.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම කෙරෙහි ඔහුගේ බිරිඳ හා හිතවතුන් දැඩි ලෙස විරෝධය පළකර ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට  ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by