මුස්ලිම් නිවාස ඉදිරිපස ”සිංහ ලේ” ලියා ජාතීවාදය ඇවිස්සවීමේ කි්‍රයාවක්

ජාතීන් අතර වර්ගවාදය ඇවිස්සවීමේ කටයුතු කරන පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමටත්, තවදුරටත් එවැනි කටයුතුවලට ඉඩ නොතැබිය යුතු බවත්, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව අවධාරණය කරයි.
කිසියම් පිරිසක් විසින් නුගේගොඩ මුස්ලිම් නිවාස තුනක ඉදිරිපස ගේට්ටු හා බැමිවල "සිංහ ලේ" ලෙස ලියා තැබීම ගැන අවධානය යොමු කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ ගැන සොයාබැලීමට වගකිව යුතු නිලධාරීන් එම ස්ථානයට යැවීමට ක්‍රියා කළ බව සඳහන් කරන ඒ මහතා අවධාරණය කර ඇත්තේ මෙවැනි ක්‍රියා ජාතීන් අතර සමගිය බිඳ වැටීමට හේතුවන බවයි.



gossip lanka