සිය අඹ යහළුවාගේ මාස අටක ගැබිණි බිරිය රවටා යතුරුපැදියකින් මුසල්පිටිය ප්‍රදේශයේ වෙල්යායක් අසල කැලෑවකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ සැකකරුවකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
විසි හැවිරිදි වියේ පසුවන ගැබිනි කාන්තාවගේ නිවෙසට සැකකරු පසුගිය 31දා පැමිණ ඇති අතර ඇයගේ සැමියා තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට මුසාවක් පවසා ඇය සමඟ ඔහු බැලීමට පොලිසියට යන බව පවසමින් මෙසේ කැලෑවකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ දරා තිබේ.
එහිදී ගැබිනි කාන්තාව සැකකරුට පහරදී දුවගොස් තිබෙන අතර මේ පිළිබඳව තඹුත්තේගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ජනවාරි මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත් එස්.බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය.

Tags
Sinhala News