විදෙස් මාධ්‍යක් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා එංගලන්ත කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩකයන්ගේ සංවර්ධනයට මිස තාක්ෂණික උපදෙස් ලබාදීමට නොවන බවයි.
එංගලන්තයේ උපදේශකයෙකු ලෙස මහේල කටයුතු කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටුවෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පෙරේදා(26) සඳහන් කර තිබුණා.
"ලංකා කණ්ඩායමේ තොරතුරු ගන්න එංගලන්තය මාව කුලියට ගත්තේ නෑ. ඔවුන්ට විශ්ලේෂකයන් හා පුහුණුකරුවන් ඉන්නවා ඒහා සම්බන්ධව. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවැනි දේවල් කියපු එක ගැන මම කණගාටුවෙනවා." යයි ද මහේල සඳහන් කර තිබෙනවා.