ප්‍රභූවරයෙකු ලඟදීම අත්අඩංගුවට?- වැලිකඩ ප්‍රභූ සිර මැදිරියක්‌ හදිසියේ සූදානම් කරයි

ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි ප්‍රභූන් රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයේ එස්‌. වාට්‌ටුව හදිසියේ ප්‍රතිසංස්‌කරණය කිරීමට බන්ධනාගාර බලධාරින් පියවර ගෙන තිබේ.

මෙරට ප්‍රභූ පුද්ගලයන් සිරගත කෙරුණු අවස්‌ථාවන්හිදී සෑම විටම ඔවුන් රඳවා තබනු ලැබුවේ මෙම එස්‌. වාට්‌ටුව නමැති ගොඩනැගිල්ල තුළය.

මේ වනවිට බන්ධනාගාර ගබඩා අංශය යටතේ එම ගොඩනැගිල්ලේ අලුතින් තීන්ත ආලේප කර අවට පිරිසිදු කරමින් කැපී පෙනෙන ප්‍රතිසංස්‌කරණයක්‌ සිදු කරමින් තිබෙන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එස්‌. ගොඩනැගිල්ල මේ අන්දමින් හදිසි ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ කරනුයේ ළඟදීම රටේ ඉහළ ප්‍රභූවරයකු සිරගත කිරීමට ඇති සුදානමක්‌ නිසා වියහැකි යැයි බන්ධනාගාර නිලධාරීහු සැක පළ කරති.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by