හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුද්ගලික ලේකම් හා ලංකා සතොස හිටපු සභාපතිවරයාට එරෙහිව නීතිපතිවරයා කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඒ 2013 සැප්තැම්බර් මස පැවැති වයඹ පළාත් සභා මැතිවරණ සමයේ තම පුත්‍රයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලංකා සතොසින් මුදල් නොගෙවා රුපියල් පනස්දෙලක්ෂ හැත්තෑපන්දහසක භාණ්ඩ ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටය.
වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දුගේ මැතිවරණ කටයුතුවලට බෙදාදීම සඳහා මෙම භාණ්ඩ ලබාගෙන ඇති බවට නඩු ගොනුවේ සඳහන් වේ.
යන්තම්පලාව, වැහැර හා මල්ලවපිටිය යන සතොස ගබඩාවලින් මෙම භාණ්ඩ ලබාගෙන ඇති බව වැඩිදුරටත් පැවසේ.
ලංකා සතොස ආයතනයෙන් මුදල් නොගෙවා රුපියල් පනස්දෙලක්ෂ හැත්තෑපන්දහසක භාණ්ඩ ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය හා ඒ සඳහා ආධාර අනුබලදීම චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව මෙම නඩුව පවරා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකෙරිණි.
පුතා නිසා ජොනී නඩුවක පැටලෙයි..
2016-02-23T13:35:00+05:30
Hot News
Sinhala News|