ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි

ඇඹිලිපිටියේදී පොලීසිය සමග ඇතිකර ගත් ගැටුමකදී මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නමැති තරුණයාගේ මරණයට හේතුව කැපුම් තුවාලවලින් සිදු වූ අධික රුධිර වහනය බව අද (19) හෙලි වුණා.

එ් අදාළ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සුමිත් ප‍්‍රසන්නගේ සිරුරේ ස්ථාන කිිහිපයක කැපුම් තුවාල දක්නට ලැබුණා.
ඔහුගේ සිරුරේ ශිරා සහ ධමනිවලට එමගින් හානි සිදුව ඇති බවයි රත්නපුර මහ රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මහතා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

එ් අනුව සිද්ධිය සම්බන්ධ සෙසු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.සී. ධර්මරත්න මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
gossip lanka