රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයේ තීන්දුව අද (25) ප‍්‍රකාශයට පත් කෙරුණා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින්. ඔහු කියාසිටියේ මෙම මරණය ඝාතනයක් බවට සැක කිරීමට සාක්‍ෂි තිබෙන බවයි. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.
තමන් මෙම තීන්දුවට එළඹියේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා දෙකක්, රස පරීක්‍ෂක වාර්තාව, ජාන පරීක්‍ෂණ වාර්තාව, මෝටර් රථ කොමසාරිස් වාර්තාව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා ඉදිරිපත් කළ සාක්‍ෂි සැලකිල්ලට ගනිමින් බවයි මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් පැවසුවේ. වැඩිදුර වාර්තාව ලබන මස 23 වනදා ගොණුකරන ලෙසද මෙහිදි නියෝග කෙරුණා.

Tags
Sinhala News