මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රසිංහ අගමැතිවරයාත් අතර ඩීල් එකක් ඇති නිසා රාජපක්ෂවරුන් කිසිදා අත්අඩංගුවට නොගන්නා බව පැවසුවත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සමග එහි අසත්‍යතාව ඔප්පුවී ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ලබ්බට තිබ්බ අත පුහුලට
එසේම 'ලබ්බට තිබ්බ අත පුහුලෙටත් තියනවා' යනුවෙන් ගමේ කතාවක් ඇති බවත් දැන් පුහුලට අත තබා ඇති නිසා ලබ්බට අත තැබීමද සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පිරිසට දැන් හිර ගෙවල් වලට කොම්සම් වලට යාමට සිදුව ඇත්තේ ඔහුගේ පාලන කාලයේ සිදු කළ දූෂණ හා වංචා ක්‍රියා නිසා බව රාමනායක මහතා පවසයි.
මේ වන විට තමා සිදුකළ හෙළිදරව් නිසා එන්තර වාසි 28 ක් එවා ඇතත් තමාට විරුද්ධව නඩු දමා ඇත්තේ එක් අයෙක් පමණක් බවත් පවසා සිටියේය.
වීරවංශගේ පෙම්වතියන්ට මදන මෝදක ගුලි
විමල් වීරවංශ මහතා පිළිබදව ද සදහන් කරමින් හෙතෙම පවසා සිටියේ විමල් වීරවංශ මහතාව විනය කමිටුව හමුවට ගෙන ඒමට සිදුවූයේ ඔහු සිදුකළ අක්‍රමිකතා නිසා බවයි.
වීරවංශ මහතා තමන්ගේ පෙම්වතියන්ට ක්‍රියාශීලීව පෙම්කිරීමට මදන මෝදක ගුලි ලබා දී ඇත්තේද රජයේ අරමුදලින් බව ඔහු සදහන් කර සිටියේය.
පත්තර කොළයක් එළාගෙන නිදාගත් විමල් වීරවංශ මහතා හෝකන්දර මාලිගා තැනූයේ වංචා කළ මුදල් වලින් බවත් විමල් වීරවංශ යනු රජයේ මුදල් මිලියන ගණනක් මුදල් වංචාකළ පුද්ගලයෙක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ලබ්බට තිබ්බ අත පුහුලෙටත් තියනවා - රන්ජන්
2016-02-26T17:02:00+05:30
Hot News
Sinhala News|