සමන් දේවාලයට කළ අගෟරවයක් නිසා ජැක්සන්ගේ පසුතල ගැලවෙයි

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම්කරගෙන ටෙලි නාට්‍ය නිර්මාණයක් සඳහා රාජ මාලිගයක් පිළිබිඹු කරමින් ඉදිකළ පසුතල, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කර ගැනීමට එම නිෂ්පාදන කණ්ඩායම ඊයේ (22) පියවර ගත්තා.

ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ සීගිරි කාශ්‍යප ටෙලි නාටයයේ කාශ්‍යප රජුගේ මාලිගයේ පිවිසුම ලෙස මහ සමන් දේවාලයේ පහළ මලුවේ පසුතල නිර්මාණ නිසා සබරගමු මහ සමන් දේවාලයේ ඓතිහාසිකත්වයට මෙන්ම ජනතාවගේ ගෞරවණීය බවට විශාල හානියක් බව දේවාලයේ රාජකාරී කපු මහත්වරුන්ගේ ද වෙනත් රාජකාරීකරුවන්ගේ මෙන්ම ප්‍රදේශ වාසීන්ගේ ද අදහස වි තිබුණා.
සබරගමුව මහ සමන් දේවාලය පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානය පසුබිම්කරගෙන චිත්‍රපටයක් රූගත කිරීමට අවසර ගෙන නැති බවයි.

මේ තත්ත්වය හමුවේ රාජකාරිකරුවෝ සහ ප්‍ර දේශවාසීන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ විජේතුංග මහතාට මේ ගැටලුව ඉදිරිපත් කළා.

ඒ අනුව චිත්‍රපට නිෂ්පාදකයන්, බස්නායක නිලමේවරයා සහ විජේතුංග මන්ත්‍රීවරයා ඇතුළු නියෝජිතයෝ ද පුරාවිද්‍යා නිලධාරීන්ද ඊයේ (22) රත්නපුර මහ සමන් දේවාලයේ සුහද සාකච්ඡාවක් පැවැත්වුවා.

ඒ අනුව චිත්‍රපට නිෂ්පාදකයන් අදාළ පසුතල නිර්මාණ ඉවත්කර ගැනීමට පියවර ගෙන තිබුණා.
gossip lanka