ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මූණ ඇඹුල්කළ තිලංගගේ වදන්

ආසියානු හා පන්දුවාර විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලට පිටව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් සිය නිල කාමරයට කැඳවා කරන ලද දේශනය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

ඔහු එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර සමගියක් නොමැති බවට දෝස්මුරයක් එල්ල කර ඇති බව පැවසේ.
එසේම තිලංග විසින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කැඳවා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ෆොන්සේකාගේ ගුරුහරුකම් ලබාදිම සම්බන්ධයෙන්ද ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයක් ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මේ අතර, ක්‍රිකට් මුදල් නාස්තිය වැලැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සංචාරවලට තේරීම් කමිටු සාමාජිකයන් සහභාගි නොකිරීමට ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු පිරිස තීරණය කර තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සමාජිකයන් ක්‍රිකට් තරගාවලි සංවිධාන කටයුතු නිරික්ෂණයට යැයි කියමින් විදෙස්ගතවීම සම්බන්ධයෙන්ද ගැටලු ඇතැයි වාර්තා වේ.

මෙසේ රවින් වික්‍රමරත්න මහතා දෙවරක්ද, ශම්මි සිල්වා මහතා එක්වරක්ද විදෙස්ගතව ඇතැයි වාර්තා වේ.
gossip lanka