මහේලගේ උපදේශකත්වය ගැන තිලංග කනගාටුවෙන්

ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම ගැන තමන් කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේය.

මෑතක් වන තුරු ම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු එලෙස වෙනත් කණ්ඩායමකට සහය දීම සුදුසු නොවන බවයි ක්‍රිකට් සභාපතිවරයා ඊයේ (27) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී පවසා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රිකට් සභාපතිවරයා,

මම ගොඩක් ගරු කරනවා මහේලගේ දැනුමට. එහෙත් ඔහු දැන් අපේ ප‍්‍රතිවාදීන්ගේ උපදේශකයෙක්. කණ්ඩායමකට ක‍්‍රීඩා කරලා මාස කිහිපයකින් තවත් කණ්ඩායමකට තමන්ගේ රටට එරෙහිව උපදෙස් දීම හොඳ දෙයක් නෙමෙයි.

කොහොම වුණත් මේක මහේල ජයවර්ධනගෙ වරදක් නෙමෙයි. මේක ක‍්‍රිකට් පරිපාලනයේ ගැටලුවක්.
අපි මින් පස්සේ ක‍්‍රීඩකයින්ගේ කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් කරනවා විශ‍්‍රාම ගිහිල්ලා වසරක්වත් යන තුරු වෙනත් රටවල කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්න බැහැ කියල.

මොකද රටක් වෙනුවෙන් ක‍්‍රීඩා කරපු ක‍්‍රීඩකයෙක් දන්නවා තමන්ගෙ කණ්ඩායමේ සහෝදර ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා සහ අඩුපාඩු.
gossip lanka