තවමත් සුව නොවූ ප්‍රින්ස් ලෙඩ ඇඳේ ඉඳන් කියපු සිංදුව - වීඩියෝ

ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන අපි කවුරුත් දන්න ඒ ගායකයා රෝගි තත්වයෙන් රෝහල් ගතකළා කියලා හිරු ගොසිප් අපි ඔබට කීවා මතක ඇති. ඔහුට මේ වෙනකොට ටිකක් හොඳ වෙලා. ඒ කියන්න ප්‍රින්ස්ට කතා කරගන්න පුලුවන්. හැබැයි 100%ක්ම හොඳ නැහැ. ළඟදී දවසක ඔහුගේ මේ රෝගි තත්වයට ආධාර කරන්න ඒ වෙනුවෙන් පවත්වපු සංගීත ප්‍රසංගයක මුදල් ප්‍රින්ස්ගේ අතටම ගෙනැත් දෙන්න ඔහුගේ රසිකයින් පිරිසක් කටයුතු කළා.


ඒ අවස්ථාවේ ප්‍රින්ස් කතා කරලා කීවේ තමන්ගේ මේ රෝගී තත්වයට උදව් උපකාර කරපු කවුරුත් කවදාවත්ම අමතක කරන්නේ නෑ කියලා.


 ඒ වගේම ඔහු මේ දුරට හරි සනීප වෙලා තියෙන්නේ රසික රසිකාවියන්ගේ ආශිර්වාදය වගේම ඔවුන්ගේ ආධාර නිසා කියලා ප්‍රින්ස් අමාරුවෙන් හරි කීවා. ඒ වගේම තමන් ගායනා කරපු සිංදුවක පුංචි පද පේළියක් ඒ වෙලාවේ ප්‍රින්ස් ගායනා කළා.

ඉස්සරහටත් තමන් වෙනුවෙන් උදව් කරන්න කියලා ප්‍රින්ස් අහිංසක ඉල්ලීමක් කරන ගමන් හොඳටම සුවවෙලා ඇවිත් ආයෙත් ලස්සන සින්දු කියනවා කියලයි ප්‍රින්ස් කියන්නේ.

මේ විදියට තමයි ලෙඩේ ගැනත් කියන ගමන් සින්දුවක පුංචි කොටසක් ඔහු කීවේ.




gossip lanka