යෝෂිතගේ දුරකථනය සොයා වැලිකඩ පීරන්න යයි

කාල්ටන් ස්පොට් නෙට්වර්ක් (CSN) නාලිකාවේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා සහිතව බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් භාවිතා කරන බවට වන තොරතුරක් මත වැලිකඩ බන්ධනාගාරය තුළ සෝදිසියක් සිදු කිරීමට සැරසෙන බව වාර්තා වේ.

අදාළ සෝදිසියට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු ඇමති ඩී.එම්. ස්වාමිනාදන් මහතා උපදෙස් දී ඇති බවද පැවසේ.
අමාත්‍යවරයා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට අදාල උපදෙස් දී ඇත්තේ මාධ්‍ය අදාල තොරතුරු පල කිරීම නිසා බවද වාර්තා වේ.

කෙසේ වුවද යෝෂිත රාජපක්ෂ ජංගම දුරකථනයක් භාවිත කරන්නේද නැද්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද පැවසේ.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by