පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර සාපරාධී ලෙස බියගැන්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්‌ත්‍රික් එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලිසිය ඊයේ (24 දා) මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.
මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩු පැවරීම සිදුකර ඇත.
පසුගිය වසරේ සැප්තැම්බර් 14 දා රාගම පොලිස් ස්‌ථානයට ඇතුළු වී සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්‍ෂක බණ්‌ඩාර මහතාට බැණ තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ චතුර සේනාරත්නට එරෙහි චෝදනා ගොනුකර ඇත.
කෙසේ වෙතත් මේ වන විට ඔහුව ඇප මත මුදාහැර තිබේ.

Tags
Sinhala News