බැසිල්හා ගෝඨාගේ කුමන්ත්‍රණයක්: දිනේෂ් හා වාසු එරෙහිවේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී වෙනම දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ යුතු බවට මහින්දවාදී පිලේ ඇතැම් නායකයන් විසින් ගෙන යන මතවාදය ගෝඨාභය රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ කුමන්ත‍්‍රණයක් බව පවසමින් ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර විසින් දැඩි විරෝධය පළකිරීම එම අලූත් පක්ෂ යෝජනාව අත්හැර දැමීමට හේතුව බව වාර්තා වේ.

එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ සන්ධානය හා ශ‍්‍රිලනිපය තුළ ඕනෑම සටනක් සිදුකළ යුතු බවත්, එසේ නොවන වෙනම දේශපාලන පක්ෂයක් අනිවාර්යයෙන්ම අසාර්ථක වන බවත්ය.
බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂහට කිසිදාක සන්ධානයේ නායකත්වය නොලැබීම නිසා වෙනම පක්ෂයක් හැදීමේ කුමන්ත‍්‍රණය ඔවුන්ගේ මෙහෙයුමක් බව වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන වැනි පැරණි සන්ධාන නායකයන්ට අමතරව ශ‍්‍රීලනිපයේ පැරණි නායකයන්ගේද අදහස වී ඇත.

ඉන්දියානු විරෝධය :

මීට අමතරව උදය ගම්මන්පිල හා විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් විසින් ගෙන එන ඉන්දියානු විරෝධයට දිනේෂ්, වාසු කණ්ඩායම තදින් විරුද්ධ වී තිබෙන අතර, අවසානයේ එම දැඩි විරෝධය හේතුවෙන් මාර්තු 17 වැනිදා ඒකාබද්ධ විපක්ෂය විසින් හයිඞ් පිටියේදී පැවැත්වීමට නියමිත ප‍්‍රථම රැලියේ තේමා පාඨයක් වූ ‘ඉන්දියානු ආක‍්‍රමණය’ ඉවත් කර ඒ වෙනුවට ‘එට්කා ගිවිසුම’ යනුවෙන් යෙදීමට දැඩි ඉන්දීය විරෝධයක් පෙන්වන විමල්, ගම්මන්පිල පාර්ශ්වය එකඟ වී තිබේ.

(රාවය)
gossip lanka