රනිල්ට බැහැ අපිව අන්දන්න

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් සැබෑ තත්වය වසන් කොට තමන් මුලා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මහතා පවසනවා.

අද පැවති සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 11 වන මහ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

" 'එට්කා' මේ ගිවිසුම දැන් අදාළ වෙලා තියෙන්නේ කොතනටද? සේවා වෙළඳපොලට. මේ රටේ කෙනෙකුට එහේ ගිහිල්ලා වැඩකරන්නත් පුළුවන්, ඒ රටේ කෙනෙකුට මෙහෙ ඇවිල්ලා වැඩ කරන්නත් පුළුවන්.

දැන් ඉන්දියාවෙන් ඇවිල්ලා සැලුන් එකක් දැම්මොත්, එහෙනම් බොඩ් එක ගහන්න පුළුවන් ශාරුක් ඛාන්ගේ කට් එක කපනවා කියලා.ශාරුක් ඛාන්ගේ කට් එක කැපුවා කොල්ලා, කෙල්ල කැපුවා කාගේ හරි කට් එකක් එහෙ ඉන්න කෙනෙක්ගේ, දෙන්නා ගියා රෝස යායට ගැහුවා ෆෙටෝ මැදට වෙලා. ෆෙටෝ ගහන්නත් ඉන්දියන් කාරයෙක් ඉන්නවා. ඒකත් සේවාවක්.


ඒක තමයි මේ කරන්න යන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැහැ අපිව අන්දන්න. ඕන කෙනෙකුට අන්දගන්න, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අන්දන්න. අන්දලා පුළුවන්නම් කරගන්න. එක්තරා ප්‍රමාණයකට අන්දගෙන තියෙන්නේ. අපි දන්නැහැ කැමැත්තෙන් ඇඳලාද නැද්ද කියලා".

gossip lanka