හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට යුද හමුදාපතිවරයා විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව යුද්ධය පැවැති සමයේ සිට මේ දක්වා සමීපයේම සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයූ කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ හමුදා බල ඇනිය ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අද (02) පස්වරු 2.00 වන විට හමුදා නිලධාරීන් 52 දෙනෙකු හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවෙන් ඉවත්වන බවත්, ඒ අනුව හිටපු ජනපතිවරයාට ආරක්ෂාව ලබාදීමට උප පොලිස් පරීක්ෂකවරු සිවුදෙනෙකු හා පොලිස් කොස්තාපල්වරු 46 දෙනෙකු එක්වීමට නියමිත බවද පැවසේ.
රාජපක්ෂ මහතාට මෙතෙක් ආරක්ෂාව සැපයූ කණ්ඩායමට ඇතුළත්ව සිටි බහුතර නිලධාරීන් පිරිස කමන්ඩෝ භටයන් බවද වාර්තා වේ.

ෆැරැන්සිස් පාප්වහන්සේ ලංකාවට පැමිණි අවස්ථාවේද උන්වහන්සේගේ ආරක්ෂාව බාරව කටයුතු කරනු ලැබුවේ කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ මේ ආරක්ෂක බල ඇනිය විසිනි.
gossip lanka