ඒකාබද්ධ විපක්ෂය හා බැසිල් රාජපක්ෂ අතර මත ගැටුමක් පැවති බවත් එම තත්ත්වය දුරදිග යාමක් පෙන්නුම් කළ හෙයින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී එම ප්‍රශ්නයට විසදුමක් ලබා දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගෙන බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්යාලයෙන් වෙනම දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබූ බවට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ල වී තිබිණි.
මෙම මත ගැටුම ඇතිවීමට හේතුවී ඇති තවත් කාරණයක් වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය වෙනම දේශපාලන වැඩපිළිවෙලක් සිදු කරන අතරතුර බැසිල් රාජපක්ෂ මහතාද පලාත් සභා හා පලාත් පාලන නියෝජිතයින් සමග වෙනම දේශපාලන වැඩපිළිවෙලක් සිදුකරගෙන යාමයි.
මේ හේතුවෙන් එකම නායකයෙකු යටතේ ඒකාබද්ධ විපක්ෂය දෙපිලකට වෙන්ව කටයුතු සිදු කර තිබිණි. පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග එක්ව නව දේශපාලන බලවේගය ගොඩනැගිය යුතු බවයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතාට විරෝධය පළකළ මන්ත්‍රී පිරිස හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (27) දෙවතාවක් හමුවී විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබේ.
එම සාකච්ඡාවෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් එක් වැඩපිළිවෙලක් සැකසීමට සියලු දෙනා එකඟතාවයකට පැමිණි බව වාර්තා වේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එක් එක් කාර්යභාරය වෙන්කර දී ඇත. ඒ සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද පුළුල් කාර්යභාරයක් පැවරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
එම සාකච්ඡාවේ අවසන් තීන්දුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඒකාබද්ධ කමිටුවක් විසින් සාමුහිකව සියලු තීන්දු තීරණ ගැනීමටය.
මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දිනයේද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයෙන් පසුව වසරකට ආසන්න කාලයක් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මෙම දේශපාලන ක්‍රියාවලිය ගොඩනැගීමේ නොසිටීමත්, ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු එම පරාජය බාරගෙන ලංකාවෙන් පිටව යාමත් නිසා ඒකාබද්ධ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරෝධය දක්වා තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා හොඳ කළමනාකරුවෙකු බවත් ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ සියලු දෙනා පසෙකලා ලංකාවෙන් පිටව යාම නිසා ඔහුට චෝදනාවක් තිබූ බවත් පසුව එතුමා නැවතත් පැමිණ නව බලවේගයක් ගොඩනැගීමේ සටනට නායකත්වය දීමේදී ගමේ පාක්ෂිකයින්ගේද විරෝධයක් ඇති වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසී ය.
පරාජයෙන් පසු නව දේශපාලන ගමනක් යනවානම් පරණ වැරදි සිදු නොකල යුතු බවත් එම වැරදි හදාගෙන අළුත් ගමනක් යා යුතු බවත් එම ගමනේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටියද ඔවුන්ගේ සහයෙන් පමණක් මේ ගමන යා නොහැකි බවත් සඳහන් කරන මහින්දානන්ද මන්ත්‍රීවරයා මධ්‍යස්ථ මතධාරීන්, උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන් නව දේශපාලන බලවේගය වටා එකතු වන පිරිස ගැන බලා සිටින බවත් කියා සිටියේය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ගමනක් අරඹන බවත් නමුත් බැසිල් රාජපක්ෂ මහතා මේ ගමනට සිටිය යුතු වුවද ක්‍රියාකාරීව සම්බන්ධ නොවිය යුතු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසී ය.
බැසිල් නිසා ඒකාබද්ධ විපක්ෂය දෙදරයි? - මහින්දගෙන් ඒකාබද්ධ කමිටුවක්
2016-06-28T15:11:00+05:30
Hot News
Sinhala News|