හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කිරීම කෙසේ වුවද දහම් බේබිට හා චතුරිකාට හොඳ ආරක්ෂාවක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද (03 දා) කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ත්‍රස්තවාදයෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ජීවිතයට යම් හානියක් වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා විසින් පෞද්ගලිකව බාරගත යුතු බවත් ,ආණ්ඩුව හිටපු ජනපතිගේ ආරක්ෂාව සමග සෙල්ලම් කරමින් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නම සිසු විරු විද්‍යාලය ලෙස වෙනස් කිරීමට යන බව ආරංචි වී ඇති බවත්, එය මෙරට රණවිරුවන්ට කරන අගෞරවයක් ලෙස සලකන බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මහින්දගෙ ආරක්ෂාව සෙල්ලමක් කර ගෙන
2016-06-03T15:40:00+05:30
Hot News
Sinhala News|