'නංගී පෙන්නා ආච්චි දුන්නා'- වෙල්ගම

වත්මන් ආණ්ඩුව වාහන සඳහා බදු පැනවීමට ගත් ක්‍රියා මාර්ගය ගැමිවහරේ තිබෙන නංගී පෙන්නා අක්කා දෙනවා කියන වහරටත් වඩා නංගී පෙන්නා ආච්චී දීම වැනි තත්වයක් බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පරිසර හිතකාමී වාහනවල මිල අඩු වූවා නම් පළමුවෙන්ම මිල අඩු විය යුත්තේ ඉලෙක්ට්‍රික් කාර්වල බවත් පසුගිය රජය කාලයේ බද්ද සියයට පහක්ව තිබූ ඉලෙක්ට්‍රික් කාර්වල බද්ද වත්මන් රජය සියයට පනහකින් වැඩි කළ බවත් ඒ මහතා පවසයි.
එසේම පසුව ඒ මිලෙන් සියයට දහයක් අඩු කිරීම හා තරමක් හෝ පරිසර හිතකාමී පෙට්රල් ත්‍රීවිලර්වල බද්ද වැඩි කර පරිසරයට අහිතකර ඩීසල් ත්‍රීවිලර් සඳහා බද්ද අඩු කිරීම ජනතාවට කළ ඇස්බැන්දුමක් බවත් ඒ මහතා පැවැසුවේය.

කැමැත්තකින් නෙවෙයි

කෙසේ වෙතත් රජය බදු ඉහළ දැමීම සිදු කළේ කැමැත්තකින් නොවන බව මුදල් අමාත්‍යවරයා ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

බදු ඉහළ දැමීම ඉතා කෙටි කාලීන ක්‍රියාවලියක් බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
gossip lanka