●රටේ තොටේ දේශපාලනේ ගැන අවදියෙන් ද ඉන්නේ?
දේශපාලනයට ඍජුවම තාම සම්බන්ධවෙලා නැති නිසා එදිනෙදා සිද්ධවෙන දේවල් ටික තමයි දන්නේ
හැමෝම වගේ කියන දේ තමයි මේ අවුරුදු දෙක තුල රට හැම අතින්ම මන්දගාමියි කියලාපහුගිය රජය යටතේ හැම ක්ෂේත්රයකම කරපු කියපු දේවල් එක තැන නතරවෙලා වගේ තමයි පේන්නේ
ඒක මම විතරක් කියන කතාවක් නෙවෙයි රටේ ගොඩක් මිනිස්සු කියන කතාවක්’ එක්කෝ මේ රජයට නිසි වැඩ පිලිවෙලක් නෑ රට ඉදිරියට ගෙනියන්න
එහෙම නැතිනම් තිබුණු ආණ්ඩුව පරාජය කිරීම පමණයි මේ අයට තිබුණු එකම වැඩ පිලිවෙල
මට සම්බන්ධ විෂය පැත්තෙන් කතා කරනවා නම් ආරක්ෂාව පිලිබඳ ලොකු අර්බුදයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ’ රජයේ ප්‍රතිපත්තිමය ක්‍රියා පිලිවෙත නිසා හෝ මේ සම්බන්ධව දැනුවත්කමකින් මැදිහත්වෙලා නායකත්වය දෙන්න තරම් සුදුසු කෙනෙක් නැති නිසා හෝ රාජ්‍ය ආරක්ෂාව නම් නරක තැනකට ඇවිල්ලා කියන කාරණාව අපට පේනවා’ උතුරේ ආරක්ෂාව පිලිබඳ මේ රජය ගෙනියන වැඩපිලිවෙල කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් එකක් නෙවෙයි සංවර්ධනය පැත්තෙන් බැලූවත් අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නෑ
මේ ආණ්ඩුව බලයට එන්න උත්සාහ කරන වෙලාවේ ප්‍රධාන සටන් පාඨයක් වුණා චීනයට විරුද්ධ වීම කියන එක
ඒත් අද මොකද වෙලා තියෙන්නේ ජනප්‍රිය සටන් පාඨවල එල්ලිලා මේ ආණ්ඩුව ආපු ගමන් චීන ආයෝජන නැවැත්තුවා’ ඒත් පස්සේ මොකද වුණේ’ මේ දුරදිග නොබලා කරපු වැඩ ආර්ථිකයට විශාල බලපෑමක් කරලා තියෙනවා
අද ආර්ථික සංවර්ධනයත් එකම තැන නැවතිලා මම ලෝක බැංකු ණය ක්රමයන් යටතේ කොලඹ” ගාල්ල වගේම මහනුවර සංවර්ධනය කරන්න විශාල මුදලක් අපි සැලසුම හදලා ඉදිරිපත් කලාම තමයි ඒ මුදල ලැබුණේ
අපි මේ මුදල ලැබුණට පස්සේ ඉක්මනට වැඩ පටන් ගත්තා’ ඒත් ඒක ඉවර කරන්න කලින් ආණ්ඩුව වෙනස් වුණා
මේක අවුරුදු පහක ව්‍යාපෘතියක්’ තුනක් ඉවර කලා’ තව අවුරුදු දෙකක් තියෙනවා දැන් ඒ ව්‍යාපෘතිවලට මොකද වෙලා තියෙන්නේ ඒ ඉතුරු මුදල් එහෙමම තියෙනවා’ වැඩ කෙරන්නෙත් නැත්නම් මුදලූත් තියෙනව නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා’ මෙන්න මේවා තමයි අද අපේ රටේ දේශපාලනය කියලා අපට පේන්නේ’ ඊට අමතරව විරුද්ධවාදීන්ව උසාවි ගානේ ගෙන්නලා එෆ්’සී’අයි’ඞී’ එකට ගෙන්නලා” අල්ලස් එකට ගෙන්නලා රස්තියාදු කිරීමත් ජයටම කෙරෙනවා’ ඒවා වැඩි හරියක් පදනම් විරහිත අභූත චෝදනා’ අපේ ආණ්ඩුවත් එක්ක ඉඳපු අයගෙන් වැඩි දෙනෙක් මේ ආණ්ඩුව එක්කත් ඉන්නවා’ හැබැයි මේ පරීක්ෂණ ඒ කවුරුවත් ගැන කෙරෙන්නේ නෑ
ආණ්ඩුවට සම්බන්ධ වුණේ නැති අය පස්සෙ විතරයිනේ පන්නන්නේ’ අපේ ආණ්ඩුවෙ ඉඳලා මේ ආණ්ඩුවට එකතුවුණු අය ඔක්කොම සුඳනොද එතකොට මේක පුදුම තියරියක්නේ’
● ගෝඨාභය රාජපක්ෂත් දේශපාලනයට එනවා කියන කතා එහෙන් මෙහෙන් ඇහෙනවා මේවයි ඇත්ත නැත්ත මොකක්ද?
මම තාම ස්ථිර තීරණයකට ඇවිත් නෑ
ඒ පිලිබඳව කවුරු හරි එහෙම හිතනවා නම් හිතන්නේ අලූත් ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂට ආපහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි නිසා
එහෙම නම් කවුද ඊලගට මේකට එන්ඩ පුළුවන් කියලා ඒ අනුව තමයි ඔය අනුමාන කිරීම සිද්ධවෙලා තියෙන්නේ
මම තාම ඒ ගැන හිතලා නෑ’ ඒකට තව කල් තියෙනවනේ’ තව අවුරුදු තුනහමාරක් විතර කාලයක් කොහොමත් තියෙනවනේ’ ඒ කාලයත් එක්ක තමයි මට දේශපාලනයට එනවද කියලා තීරණය කරන්න වෙන්නේ’
● ඔබේ කතාවෙ තියෙන්නේ දේශපාලනයට එන්න සූදානම් කියන පැත්තට වැඩි බරක් නේද?
අවසාන තීරණයකට ආවෙ නෑ කියලා මම මුලිනුත් කිව්වනේ නමුත් මම අවුරුදු ගණනාවක් විවිධ ආකාරයෙන් රටට සේවය කරපු කෙනෙක්’ මම රට වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙක් ඉතින් තවදුරටත් රට වෙනුවෙන් යම් දෙයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම සූදානම් ඒක කරන්නඒක දේශපාලනඥයෙක් වෙලා කරනවද කියන එක ඉදිරියේදී බලමු ඒක ඉදිරියේදී මම තීරණය කරනවා
● මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් එහෙම ආරාධනා එනවද ?
ඍජුවම එහෙම ඒ අයගෙන් ආරාධනයක් නෑ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාවත් මේ ගැන මාත් එක්ක කතා කරලා නෑ
සමාජයේ ඒ වගේ කතාවක් තියෙන බවක් පේනවා විවිධ පුද්ගලයින්ගෙන් නම් එවැනි යෝජනා එනවා වෙලාව ආවම බලමු මොකද වෙන්නේ කියලා
ඒ අවස්ථාව අනුව වඩාත්ම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරාගන්න ඕනෑ’ ඉතින් ඒ පුද්ගලයා මම නම් මම ඒ තීරණයට එකග වෙනවා’ තනතුරු පිලිබඳ ආශාවට වඩා මට තවදුරටත් රටට යුතුකමක් කරන්න අවස්ථාවක් තියෙනවද කියලයි මම හිතන්නේ’
● 2020 ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ගැනයි මේ කතාව තියෙන්නේ’ ඔබ හිතන විදියට රටේ ජනාධිපතිකමට තරග කරන්න ඔබට මොකක්ද තියෙන සුදුසුකම්?
දේශපාලන වශයෙන් මට ලොකු පසුබිමක් තියෙනවා මොකද ඒක පවුල් පරිසරයෙන්ම ආපු දෙයක්
අපේ රටේ දේශපාලනයට ගොඩක් අය එන්නෙම එහෙම වටපිටාවක් එක්කනේ’
ඒ සුදුසුකම මට ඕනෑවටත් වැඩිය තියෙනවනේ
අපේ පවුලෙ පරම්පරා තුනක් මේ වෙනකොට දේශපාලනය කරලා තියෙනවා’ අපේ පවුල තරම් දේශපාලනයට සම්බන්ධ වෙන පවුලක් තියෙනවද මන්දා
අපේ පවුලෙ නව දෙනෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා’ ඒ වගේම මම රාජකාරිමය වශයෙන් මට පැවරුණ දේ නිසියාකාරව ඉටු කරපු පුද්ගලයෙක් ජනතාව මගෙන් බලාපොරොත්තු වුණු දේ මම රාජ්‍ය නිලධාරියෙක් විදියටත් අකුරටම ඉටු කරලා තියෙනවා
රාජ්‍ය ආරක්ෂව පිලිබඳව වගේම නාගරික සංවර්ධනය පැත්තෙනුත් කැපී පේන වැඩකොටසක් මගේ අතින් ඉටුවුණා කියලා බොහෝ දෙනා පිලිගන්නවා
එහෙම බැලූවම ජනාධිපතිවරණයකට ඉල්ලන්න මගේ තියෙන නුසුදුසුකම මොකක්ද? මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනාධිපතිකම ඉතාම සාර්ථකව කරන්න පුළුවන් කියලා
● එහෙම වුණොත් මහින්ද රාජපක්ෂගෙ දේශපාලන අනාගතයට මොකද වෙන්නේ?
ඒ ගැන මට අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි
ඒත් රට දිහා බැලූවාම පේනවා වඩාත් ජනප්‍රිය දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ කියලා
එතුමාට තාමත් පුදුම ජනතා ආකර්ෂණයක් තියෙනවනේ ඉදිරියේදී ඔහු කුමන දේශපාලන ස්ථාවරයක ඉඳීවිද කියන්න නම් මට බෑ
ඉදිරියේදී ඇතිවන කුමන දේශපාලන බලවේගයකට වුණත් මහින්ද රාජපක්ෂ මගහැර යන්න බැරි වෙයි’ පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ඡුන්දය දුන්නෙ නැති අය දැන් ඒ ගැන පසුතැවෙනවා ඇති
මහින්ද රාජපක්ෂම තමයි තීරණය කරන්න ඕනෑ ඉදිරියේදී මොන තැනටද යන්නේ කියලා’ ජනාධිපතිකමට එන්න බැරි වුණත් අගමැතිකම හෝ ඊට එහා ගිය ආකාරයකින් නව පාලනයකට සම්බන්ධ වෙන්න ඔහුට ඉඩකඩ තියෙනවා
ඒක ඔහු අතේ තියෙන තීරණයක්
● බැරිවෙලාවත් ඔබ ඉදිරි ජනාධිපති තරගයකට තරග කලෝත් මහින්ද රාජපක්ෂගෙ සහයෝගය ලැබෙයි කියලා හිතනවද?
ඔහුගේ සහයෝගය සහ ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනෑ
එහෙම ලැබෙන්නෙ නැත්නම් මම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නෙත් නෑ
– ලංකාදීප
2020 ජනපතිවරණය ගැන ගෝඨාභය කතා කරයි
2016-10-24T16:20:00+05:30
Hot News