ශ්‍රී ලංකාවට ලකුණු 488 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකාව සමග පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුළු 6 ක් දැවී ලකුනු 406 ක්  ලබා සිටින අවස්ථාවේදී සිය ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 488 ක ඉලක්කයක් හිමි විය. දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම වෙනුවෙන් ස්ටීවන් කුක් ලකුණු 117ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 69 ක්ද නායක ෆෆ් ඩු ප්ලෙසි නොදැවී ලකුණු 67 ක් ද රැස් කලේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ධනංජය ද සිල්වා කඩුළු 2 ක්දවාලූ අතර සුරංග ලක්මාල් , රංගන හේරත්,නුවන් ප්‍රදීප් හා දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් බිඳ හෙලීය.
gossip lanka