ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටයි.
මේ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරු සරත් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇතුළු 5 දෙනෙකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද ගෙනුකර තිබෙනවා.
එම නඩුව විභාගයට ගත් පසුගිය 16 වැනිදා පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කිරීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය වුව ද ඔහු නියමිත දිනයන්හිදී මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී නොසිටින බවයි.
ඒ අනුව, අද සහ හෙට යන දිනයන්හිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.
විමල් වීරවංශ FCIDයට
2016-12-28T12:50:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|