ආනයනික සහල් බදු පහත දමයි

ආනයනික සහල් කිලෝවක්‌ සඳහා දැනට පවතින රුපියල් 15 ක විශේෂ වෙළෙඳ බද්ද ඊයේ (27 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 දක්‌වා අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මෙම බදු පහත දැමීමට තීරණය කර තිබේ.


මෙසේ බදු අඩු කරනු ලබන්නේ ආනයනික රතු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග සඳහා පමණක්‌ වන අතර බාස්‌මතී සහල් වෙනුවෙන් මෙම සහන හිමි නොවන බව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by