ලොතරැයි මිල යළි වෙනස් වෙයි

රුපියල් 20 ක්ව පැවති ලොතරැයි පතක මිල රුපියල් 30 ක් දක්වා ඉහළ දැමුවද නැවත එය පැරණි මිලටම එනම් රුපියල් 20ටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා බණ්ඩාර මහතා මේ බව අණාවරණය කළේය.
කෙසේ වුවද ලොතරැයි පතක මිල රුපියල් 30 ක් දක්වා ඉහළ නැංවීමෙන් හේතුවෙන් ලොතරැයි අලෙවිය 40% කින් පහත වැටී ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය පෙන්වා දුන් අතර මේ වන විට බොහෝ අලෙවිකරුවන්ද ලොතරැයි පත් අලෙවියෙන් ඉවත්ව සිටිති.
Previous Post Next Post