හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට අද ඇප නියම කෙරුණා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර හමුවට ඔහු අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය ජනවාරි 2 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
එතැන් සිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
සරත් කුමාර ගුණරත්නට ඇප
2017-01-20T14:25:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|