නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය හා ඊට එරෙහිව රජයේ නිලධාරීන්ගෙන් මතුව ඇති විරෝධතාවය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත්, මේවනවිට කොමසාරිස්වරිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා කැඳවලා විශේෂ පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ගම්පහ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසිය.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කල විමසීමකදීය.
“ එක කාලේක සමෘද්ධි නිලධාරියෙක්ව ගහක බැන්ඳා. ගහක බැඳලා අන්තිමට ඒ සඳහා කටයුතු කරන කොට වෘත්තීය සමිති උත්තරය වුනේ නිලධාරියා තනියම ගහේ බැඳගත්තා කියලා. නමුත් අද තව සිද්දියක් වෙලා තියෙනවා බැන්නයි කියලා. හොඳ වෙලාවට ගහක බැඳලා නැහැ.
අපේ විශේෂත්වය තියෙන්නේ මේ ආණ්ඩුවේ මේක හරිද වැරදිද කියලා බලන්න පරීක්ෂණයක් කැඳවනවා. කාටවුණත් අයුතු විදිහට, අයුතු බලපෑම් කරන්න රජය ඉඩදෙන්නේ නැහැ.
නමුත් පහුගිය කාලේ වගේ හාස්‍යජනක විදිහට මමම බැඳගත්තා කියලා කියන්න වෙන්නේ නැහැයි කියන එක තියෙනවා.
රංජන් රාමනායක මන්ත්‍රීතුමා කතාකරපු හේතුව අපි දන්නේ නැහැ. ඒ වෘත්තිකයන්ට ඒ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, රජයට රජයේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් හැමෝටම නිදහසක් තියෙනවා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.
රජයක් වශයෙන් අපි වගකීම ගන්නවා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා , දෙපැත්තෙම චෝදනා මොනවද කියලා අරගෙන ජනතාවට සාධාරණය ඉෂ්ට කරලා දීමේ වගකීම අපිට තියෙනවා. '' යයි අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ගම්පහ විරෝධතාවයක් :
මේ අතර අද දිනයේ රාජකාරීවලින් ඉවත් වී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට ගම්පහ දිස්ත්‍රීක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් තීරණය කර ඇත.
ඒ, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පල කිරීමටය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රීක්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක නිලධාරීන් මෙලෙස අද දිනයේ සිය සේවාවලින් ඉවත් වනු ඇත.
මීට අමතරව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පල කරමින් ස්ථාන කිහිපයක විරෝධතා ද සංවිධාන කර ඇති බවට වාර්තාවේ.
කණගාටුව පල කළ යුතුයි :
ගම්පහ දිස්ත්‍රීක් පරිපාලන සේවා සංගමයේ උප සභාපති ඒ. කේ. ආර්. අලවත්ත මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කණගාටුව පල කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඒ හා සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද දිනයේ තීරණය කරන බවයි.
මේ අතර ලබන බදාදා වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් රට පුරා රාජ්‍ය නිලධාරීන් ඒකරාශී කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.
දිවුලපිටිය අකරගම ප්‍රදේශයේ සිදුවන පස් කැපීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත එය නිරීක්ෂණයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
අදාළ සිදුවීම පහතින් දැක්වේ
රංජන්ගේ කතාවට ජනපති මැදිහත් වේ !
2017-01-30T15:14:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|