චින්නම්මා ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි

එළඹෙන තෛපොංගල් උත්සව දිනට පෙර මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ නව මහ ලේකම් වී.කේ ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

 ශෂිකලා එම ධුරයට පත් කෙරුණේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කළ ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසුවය.
ඒ අනුව මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් පිළිබද අවධානය යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ තෛපොංගල් උත්සව දිනය සිය පවුලේ සාමාජිකයින් සමග සැමරීමට හැකි වන පරිදි අදාළ ධීවරයින් නිදහස් කරන ලෙසයි.

ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා කියා සිටියේ කච්චතිව් දූපත ලංකාවට පැවරීම ඉන්දීය ධීවරයින් මුහුණදෙන ගැටලු වලට ප්‍රධාන හේතුව බවයි.

මේ අතර මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීම සඳහා  මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට ඉන්දීය ධීවරයින් 61 දෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බව ඔහු පවසා ඇත.
Previous Post Next Post