ලෙබනන් රටේ රැකියාවට ගොස් අතුරුදන් වූ එම්. පන්චවර්නම් නැමැති කාන්තාව පිළිබඳ තොරතුරු සොයාබැලීම සඳහා අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ලෙබනන් තානාපති කාර්යාලයට ඇය සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය බවයි කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඇය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.
එම්.පන්චවර්නම් 2002 වර්ෂයේ රැකියාවක් සඳහා විදේශ ගතවී ඇති අතර, 2006 වසරෙන් පසු ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් පවුලේ ඥාතීන්ට දැනගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳව දැරණියගල, සමන්පුරගම ප‍්‍රදේශයේ පදිංචි අන්නාමලේ පලනියන්ඩි කාර්යාංශයට පැමිණිලි කර තිබෙනවා.
ලෙබනන් ගිය කාන්තාවක් ගැන තොරතුරු සොයයි
2017-01-26T16:17:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|