රාජකීය හොර පවුලකට එරෙහිව පසුගිය ආණ්ඩුවෙන් එලියට පැමිණි තමාට, දැන් හොරු කල්ලියක් සමග එකට සිටීමට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින් කිහිප දෙනෙනෙකු අමතමින් ජනාධිපතිවරයා ඊයේ (24) එබව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු විසින් විගනකාධිපතිවරයට තර්ජනය කිරීමේ පුවතක් වාර්තාවීමත් සමගය.
කිසිඳු දේශපාලන බලවතෙකුට වංචා දුෂණ යට ගැසීමට ඉඩනොදෙන ලෙසත්, ජනතාව වෙනුවෙන් නොබියව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී එම නිලධාරීන්ට අවධාරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.
අදාළ ඇමතිවරයා ඉල්ලු වාර්තාවක පිටපතක් විගණකාධිපති විසින් කතානායක වරයාට ලබාදීම සම්බන්ධයෙන් මෙම තර්ජනය සිදුව ඇතැයි වාර්තාවේ.
බැඳුම්කර සිද්ධීන් 2300 ක වාර්තාවක් !
'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවන පරිදි ඊට අදාල සිද්ධිය සැකෙවින් මෙසේය.
2007 සිට 2016 දක්වා මහ බැංකුවේ සියලු බැඳුම්කර ගනුදෙනුවලට අදාළ විමර්ශන වාර්තාවක් වහාම තමා වෙත ලබාදෙන ලෙස ප්‍රබල ඇමතිවරයකු විගණකාධිපතිට නියෝග කර ඇත.
එම කාල පරාසය තුල බැඳුම්කර ගනුදෙනු 2300 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බැවින් ඊට සැහෙන කාලයක් ගතවිය හැකි බව විගණකාධිපති පවසා ඇතත්, වහාම එම වාර්තාව ලබා දෙන ඇමතිවරයා දැනුම්දී ඇත.
ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සති කිහිපයක් පුරා දිවා රාත්‍රී නොබලා පිටු 3000 කට වැඩි වෙළුම් 08ක වාර්තාවක් සකසා ඇමතිවරයාගේ ලේකම්වරයාට බාරදී ඇත.
එසේ අමාත්‍යංශ ලේකම්වරයාට බාර දී ඇත්තේ, අදාළ ඇමතිවරයා අගමැතිවරයා සමග විදෙස් සංචාරයක නිරතව සිටි බැවිනි.
කෙසේවුවද එම රහස්‍ය වාර්තාවේ පිටපතක් කතානායක වරයා වෙත බාරදීම සම්බන්ධයෙන් කෝපයට පත් ඇමතිවරයා, විගණකාධිපතිට තර්ජනය කර තිබේ.
විගණකාධිපතිවරයා එහිදී එම තර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාල ප්‍රධානියකු දැනුවත් කර ඇත.
විගණකාධිපතිගේ වගකීම :
කෙසේවුවද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු පැවසුයේ, රජයේ විගණනයකට අදාළ ඕනෑම විගණකාධිපති වාර්තාවක් මහජන නියෝජිතයින්ගේ දැනගැනීම සඳහා කතානායකවරයාට බාරදීම මෙතෙක් පැවති සම්ප්රදාය බවයි.
මේ අතර, මහබැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව පිළිබද ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති විවාදය ආරම්භ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, මෙම ගනුදෙනුව පිළිබඳ ඉදිරි විමර්ශන කථානායකවරයා යටතට පවරා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
'මට දැන් හොරු කල්ලියක් එක්ක ඉන්න වෙලා' - ජනපති
2017-01-25T13:47:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|