පත්තර කුණු බක්කියටම වැටෙයි !

පත්තරවලින් ආහාර එතීම සම්බන්ධ නීති අකුරට ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ තීරණයට එළඹීමට විශේෂ හේතුවක් වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය අමාතයංශ ඉල්ලීම් සලකා නිසා බවද පැවසේ.

කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වජිර දසනායක මහත‍ා පවසන්නේ 1980 අංක 26 දරන ආහාර පනත අනුව මුද්‍රිත කොළවල ආහාර ද්‍රව්‍ය එතීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
ඒ අනුව ඉදිආප්ප, ආප්ප, පැටිස්, කට්ලට් ඇතුළු කිසිම කෑමක් පුවත්පත් කඩදාසිවල පමණක් නොව කිසිම මුද්‍රිත කඩදාසියක එතීම 1980 අංක 26 දරන ආහාර පනත අනුව රුපියල් 10000 ක් දක්වා දඩයක් හා සිරදඬුවමක් ලැබිය හැකි වරදක් බව දසනායක මහතා කියා සිටී.

මේ අතර සමාජ චිද්‍යාඥයින් පවසන්නේ මෙරට පුවත් පාඨකයන් පුවත්පත් කියවීමට අමතරව ඒවා දිවා ආහාරය එතීම සේම ආහාර එතීමටද වැඩි වශයෙන් භාවිතා කරන බවයි.

අදාළ නීති උපරිමයෙන් ක්‍රියාත්මක වුවහොත් පරණ පත්තර මත දිවිගෙවන බොහෝ කොටසකට රැකියා අහිමිවීමේ අවධානමක්ද මතුවනු ඇති බවත්, පත්තර වෙළඳාමද අඩුවනු ඇති බවයි.
gossip lanka