වසර 2016 දී ශ්‍රී ලංකාව තුළ දූෂිතබව තවදුරටත් වැඩිවී ඇති බවට අද (25) දිනයේදී නිකුත් වූ ජාත්‍යන්තර වාර්තාවකින් පෙන්නුම් කෙරේ.
වසර 2016 සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කර ඇති ලෝක දූෂණ සංජනන දර්ශකය (CPI Index) තුළ ලොව රටවල් 176ක් අතුරින් ශ්‍රී ලංකාවට 95 වැනි ස්ථානය හිමිව තිබේ.
වසර 2015 වාර්තාවේදී 83 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ මේ අයුරින් ස්ථාන 12 කින් දර්ශකයේ පහතට ගොස් ඇත.
වසර 2016 CPI වාර්තාවට අනුව වඩාත්ම දූෂිත රට වන්නේ ලකුණු 10 පමණක් ලබාගත් සෝමාලියාව අංක 176 පසුවන අතර, ලකුණු 90ක් ලබාගත් ඩෙන්මාර්කය හා නවසීලන්තය දූෂණය අවම රටවල් ලෙස දර්ශකයේ ඉහළින්ම සිටියි.
මෙවර වාර්තාව සමග පළ කර ඇති ඉහත සිතියමෙන් වඩාත්ම දූෂිත රටවල් රතු හා තැඹිලි පැහැ වලින් ද, දූෂණය අවම රටවල් කහ පැහැයෙන් ද දැක්වේ.
වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය, ලෝකය පුරා පවත්නා දූෂණයේ ප්‍රමාණය සමීක්‍ෂණ ක්‍රම ආශ්‍රයෙන් ඇගයීමට ලක්‌කෙරෙන අතර ඒ අනුව වඩාත්ම දූෂිත නම් ලකුණු "0" ලෙස ද සම්පූර්ණයෙන් දූෂණයෙන් තොර නම් ලකුණු "100” ක්‌ද වශයෙන් බිංදුවේ සිට 100 දක්‌වා වන පරාසයක් තුළ ලකුණු ලබාදීම සිදුකෙරේ.
මෙවර වාර්තාවේ දත්ත අනුව, ලොව රටවල් 176කින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් මෙම ලකුණු පරාසයේ මධ්‍යස්ථ අගයෙන් පහත රැඳී සිටින බවත්, රටවල රාජ්‍ය අංශයේ දැඩි ලෙස දූෂණ සිදුවන බවට 43ක් වන ගෝලීය ලකුණු වල සාමාන්‍යයෙන් ඇඟවෙන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටියි.
මෙවර ශ්‍රී ලංකාව ට ලකුණු 36ක් හිමිව ඇති අතර, පසුගිය වසර වලදී හිමිව තිබූ ලකුණු මෙසේය.
පහතින් දැක්වෙන්නේ වසර 2015 වාර්තාවේදී ශ්‍රී ලංකාව රැඳි ස්ථානයයි.
දූෂණය අතින් ලංකාව තවත් වලපල්ලට?
2017-01-25T14:01:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|