රජය නියම කර ඇති උපරිම මිල ගණන්වලට එම භාණ්‌ඩ වෙළෙඳ පොළේ අලෙවි වන්නේ නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
කලින් නියම කළ උපරිම මිල පවා වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මකව නොතිබියදී නැවතත් උපරිම මිල ගැසට් කිරීම විහිළුවක් බවද එම ව්‍යාපාරය පවසයි.
මේ වන විට වෙළෙඳ පොළ තුළ සීනි කිලෝවක් රු. 100 ත් රු. 110 ත් අතර මිලකටද හාල්මැස්‌සන් කිලෝවක් රු. 600 ත් රු. 800 ත් අතර මිලකට සහ මයිසූර් පරිප්පු කිලෝවක් රු. 180 ත් රු. 190 ත් අතර මිලකටද අලෙවි වන බව පෙන්වාදෙන එම ව්‍යාපාරය කියන්නේ මෙම උපරිම මිල ගණන් ක්‍රියාත්මක කිරීමට රට තුළ විධිමත් යාන්ත්‍රණයක් නොමැති බවයි.
මේ නිසා රජයේ උපරිම සිල්ලර මිල ගණන් වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
රජයේ නියම කරපු මිලට වෙළඳ පොළේ බඩු නෑ
2017-01-30T15:27:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|