ශිරන්ති, පියානෝ 100 එකවර ගහපු හැටි

පාසල්වලට බෙදාහැරීමට කොරියාවෙන් පරිත්‍යාග කළ පියානෝ 3000 කින් 100ක් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ලබාගෙන ඇති ආකාරය හෙළිව තිබේ.

මෙම නීති විරෝධී ක්‍රියාවට අනුමැතිය දී ඇත්තේ හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ය.

ඊට අදාල ලිපිහි ‘ජනාධිපති ආර්යාවගේ කාර්යාලයට‘ යනුවෙන් එහි හැඳින්වුව ද ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරුන්ගේ බිරිදට රජයේ වියදමින් කාර්යාල පවත්වාගෙන යා නොහැකිය.
ජනාධිපතිවරයෙකු මිය ගිය හොත් බිරිඳට කැබිනට් ඇමැතිවරයෙකුගේ වරප්‍රසාද සහ වැටුප් හිමි වනවා මිස ජනාධිපති ජීවත් වන කාලයේදී වෙනම වරප්‍රසාදයක් බිරිඳට හිමි නොවේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දරුවන්ගේ පියානෝ ගත් අකාරය මෙසේ හෙළිදරව් වී ඇත්තේ, වසර 3කට පෙර ජනාධිපති කාර්යාලයෙන් ඉවත දැමූ වැදගත් ලිපි තොගයකිනි.

ඊට අදාල ලිපිය පහත දැක්වේ.


Previous Post Next Post