පාලන මිලක් නියම කර තිබියදී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිනයේ සිදු කළ වැටලීම් 137ක් අතරින් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යෙ රිෂාඩ් බදුයිදීන් මහතා කියා සිටියේ අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරන බවයි.
ඊයේ දිනය පුරා සහල් පිළිබඳව කරන ලද වැටලීම් අතිරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් වන අතර එම සංඛ්‍යාව 13කි.
එම පුද්ගලයන්ට හා ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියි.
මහනුවර දිස්ත්‍රීක්කයෙන් වැටලීම් 12ක්, කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැටලීම් 10ක්, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ වැටලීම් 08ක් හා වවුනියාව දිස්ත්‍රීක්කයේ වැටලීම් 07ක් හා පොළොන්නරුව හා කෑගල්ල දිස්ත්‍රීක්කයන්හි වැටලීම් 06ක් බැගින් සිදුකර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වෙළෙඳුන් 52 කට වැඩ වරදියි
2017-02-21T15:38:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|