වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් අද(3) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද(3දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය.
කැකුළු සහ නාඩු සහල් රුපියල් 66ට වඩා වැඩි මුදලකට කිසිම ස්ථානයකදී අලෙවි කළ නොහැකි බවදඅමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
ඉදිරියේ දී සහල් තොග සඟවා සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා නම් සහල් තොග ආනයනය කිරීමට නොපමාව කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
‘‘සතොස ශාඛා 320ක් දිවයින පුරා තියෙනවා. සතොස මඟින් අපේ පාරිභෝගිකයන්ට පාලන මිලට ඒ කියන්නේ උපරිම රුපියල් 66.00 බැඟින් සතොස ශාඛා මඟින් මිලදී ගත හැකියි. සහල් වැඩි මිලට විකුණන සියලු වෙළෙඳ සැල් සහ ගබඩා අපි පරීක්ෂා කරලා නීතිය ක්‍රියාත්මක කරනවා.අද සිට මෙම නීතිය තදින් ක්‍රියාත්මකයි.“
හාල් 66 පැන්නුවොත් නඩු පැටලේ
2017-02-03T17:15:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|