ජපන් අධිරාජයා පිරිනමන උසස්ම සම්මානය කරූට

ජපන් රජය විසින් ලොව විශිෂ්ටතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” ගෞරව සම්මානය කථානායක කරු ජයසුරිය වෙත පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි සුගනුමා තා විසින් කථානායකවරයා වෙත මෙම සම්මානය ඊයේ (31) පිරිනමනු ලැබුවා.

උදාවන සූර්යයා සම්මානය ජපන් අධිරාජයා විසින් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානයයි.

එය ශ්‍රී ලාංකිකයෙකුට පිරිනැමුණු පළමු අවස්ථාවද මෙයයි.





Previous Post Next Post