නුගේගොඩ රැලියේ මහින්දගේ වැඩ නැකතට

ජෝතිෂ්‍යයට අනුව සියලු වැඩ කටයුතු සිදු කරන බවට සුප්‍රසිද්ධ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් නැකතට අනුව සිය බොහෝ කටයුතු සිදු කරමින් ඇති බවට වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂ විසින් පසුගිය 27 වනදා නුගේගොඩ දී පැවැත්වු රැළියට පැමිණි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එයට පැමිණ ඇත්තේත්, එම වේදිකාවකට ගොඩවී ඇත්තේත්  නැකතකට අනුවය.
එම රැස්වීමේදි කරන ලද කතාවද සිදු කර ඇත්තේ ජෝතිෂඥයෙක් විසින් ලබා දුන් නැකතකට අනුව වීමද විශේෂත්වයකි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම ධුර කාලය වසර දෙකක් තිබියදී ඊට පෙර ජනාධිපතිවරණය පවත්වා පරාජයට පත්වුයේ ජෝතිෂඥයින්ගේ කීමට අනුව වැඩ කිරීමට ගොස්ය.

මිත්‍යාවට යටවී සියල්ල අහිමි කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තවමත් මිත්‍යාවේ ගැලී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරිකයකු පැවසිය.

නුගේගොඩ පැවති රැළියේදී ‍ජනතාව ඇමතූ හිටපු ජනාධිපතිවරයා ණය බරින් පීඩිතව, වඩාත් දුෂිත වී සිටින වර්තමාන පාලනය රටේ සම්පත් විදේශිකයන්ට විකුණන බවත් ඒ දේපල “පරිස්සමින් ගන්න” ලෙසට ආයෝජකයන්ට අනතුරු ඇඟවීමක් කල අතර “අපේ රජය පිහිටපු දාට ගත්ත සියලු දේපල ජනසතු කරනවා” යි ඔහු කියා සිටියේ ජෝතිෂඥයා ලබා දුන් නැකතට අනුවය.
Previous Post Next Post