ඩොනල්ඩ්ව තියාගන්න අනෝමා පොරකයි

රණවිරු සේවා අධිකාරියට කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් ආචාර්ය ඩොනල්ඩ් කුමාර ශ්‍රී ජයවර්ධන මහතාගේ සේවා කාලය දීර්ඝකර ගැනීමට රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය විශේෂ උනන්දුවක් ගනිමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ සේවා කාලය ලබන මාර්තු 10 වැනිදායින් අවසන්වීමට නියමිතය.

ඩොනල්ඩ් මහතා අදාළ තනතුරට බඳවාගෙන ඇත්තේ එම තනතුරට තිබිය යුතු සුදුසුකම් වෙනස් කරමින් බවද පැවසේ.

එසේම ඔහුව වසරක කාලයකට අදාළ තනතුරට බඳවාගැනීමට එම තනතුරට අයැදුම්පත් කැඳවා පල කළ වෙළෙඳ දැන්වීමද සභාපතිනියගේ අවශ්‍යතාව මත වෙනස්කර පලකර ඇතැයි පැවසේ.

අනෝමා, ඩොනල්ඩ් තබා ගැනීමට වෙහෙසෙන්නේ ඒ තනතුර සඳහා සුදුසු අයැදුම්කරුවන් සය දෙනෙකු අයැදුම්පත් ඉදිරිපත්කර තිබියදී බවද ශ්‍රී ලංකා මිරර් වෙත රණවිරු සේවා අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

එම ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ ඩොනල්ඩ්ගේ සේවා දිගුව කර ගැනීමට ඊයේ (07) දිනයේද ඇය ජනාධිපති කාර්යාලය තුළ වැඩි කාලයක් ගතකර ඇති බවයි.

අනෝමා, ඩොනල්ඩ් තබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව පහත දැක්වේ.






















ඩොනල්ඩ් ජයවර්ධන මහතා අදාළ තනතුර ලබාගැනීමට ඉදිරිපත්කරන ලද ජීවදත්ත වාර්තාවෙහි කොටසක් පහත දැක්වේ.
Previous Post Next Post